

අසඩක් ඔබ කොහිද
හුනුවටය මා වටේ ඇන්දට
ගෘෂත් ඇවිත් නෑ
නටාලිය කොහෙද නෑ
අනේ අසඩක්….
හුණු රවුමෙත් කඩතොළු
මටම පෑගිලා වගේ
කවුරුවත් ඉල්ලාවිද කියල
තනියෙන්ම මේ හුණු රවුම මැද මම
අතින් මගෙ කවුරුවත් අදින්නෑ
තියා ඇත අල්ලන්නෙවත් නෑ
වැල් පාලමේ යන හැටිත්
හරියටම දන්නේ නෑ
අනේ අසඩක් …..
නඩුවට තීන්දුත් නෑ
මං වැදූ අම්මත් මං අතැර ගියාලූ
තාත්තත් අනේ දැන් ගිය අතක් නෑලු
කූඩු අළුතින් හදා ඈතටම ගිහින්ලු
ඒ දෙන්නටම දැන් මං ඕන නැතිලු
ඉතින් අසඩක් …..
විත්ති කූඩුවත් ළඟ මං වැරදිකරුවෙක්ද
ඒ දෙන්නට මගෙන් වැරැද්දක් වුනාවද
දඬුවමක් ලැබුනොතින් මං තියා ගනීවිද
තුන් දෙනාටම ආයේ ගෙදර යන්නට හැකිද
අනේ අසඩක් ……
තීන්දුව දුන්නොතින් මාව ගෙනියන්නට
දෙන්නටම මැදිවෙලා නිදියනවමයි ඔන්න
රෑ හතක් නොවැරදීම
තීන්දුව දෙන්න අසඩක්
ඇයි පමා මේ හැටිම…..
අමතක වෙයි කියලා හිත බයයි මගෙ තවම
(අතීතයේ මගෙන් ශිල්ප ලත් සිසු දියණියකගේ ජීවිත කතාව ඇසුරෙන් ලියන ලද්දකි.)