කලෙක බොහෝ කේන්ති යන කුඩා පිරිමි දරුවෙක් වූවේය. ඇණ මල්ලක් ඔහු අත තැබූ ඔහුගේ පියා පැවසුවේ කේන්ති යන ඕනෑම මොහොතක වැටට ඇණයක් ගසන ලෙසය.
පළමු දිනයේදී ඔහු වැටට ඇණ 37ක් ගැසුවේය.
එලැඹි සති කිහිපයේදී තරහ ක්‍රම ක්‍රමයෙන් පාලනය කරගැනීමට කොලූවාට හැකිවිය. දිනෙන් දින වැටට ගසනු ලබන ඇණ ගණනද එන්න එන්නම අඩුවිය. වැටට ඇණ ගසනවාට වඩා ඔහුගේ කේන්තිය පාලනය කරගන්නවා ලේසි බව ඔහුට දැනිිණ.
දිනක් කේන්ති නොගිය දිනක් පැමි‚යේය. මෙම සතුටුදායක පුවත පියාට පැවසූ පසු පියා දරුවාට සැලකර සිටියේ කේන්ති නොයන සෑම දිනකම එක් ඇණයක් ගලවන ලෙසය.
දින ගෙවී යත්ම, සියලූම ඇණ ගලවා ඉවත් කළ බව පියාට පවසීමට පිරිමි දරුවාට දිනක් පැමි‚යේය. දරුවාව අතෙන් අල්ලාගත් තාත්තා ඔහුව වැට අසලට රැගෙන ගියේය.
—පුතේ, ඔයා බොහොම හො`දට වැඩේ කරලා තියෙනවා. ඒත් බලන්න වැටේ තියෙන සිදුරු දිහා. වැට කවදාවත් ආයේ ඉස්සර වගේ නැහැ. ඔයා තරහෙන් දෙයක් කිව්වම, ඒවා මෙන්න මේ වගේ කැළලක් ඉතුරු කරනවා. ඔයාට පුළුවන් මිනිහෙකුට පිහියෙන් ඇනලා ඒ පිහිය ආයේ ඇදලා ගන්න. ඒත් ඔයා කී පාරක් නම් සමාවෙන්න කිව්වත් වැඩක් නැහැ, තුවාලේ හැමදාම එතන තියෙනවා.˜