
හිනැහෙන මැයි මල් පාර දිගේ
ඉගිළි ගිය හංස රැළේ ……
කුරුළු කතා සිනා නාද
මතක පුරා රූ මවද්දී ……
ජිවිතයේ ඉම් සොයමින්….
සතර අතක විසිරි මොහොතේ
සොඳුරු මතක හදේ රුවා
ඔබ සමුගෙන දුරක ගිහින් ……
අහිමිව ගිය සොයුරු පෙමක
හදවත බර සුසුම් ලද්දී ……
සෙනෙහෙ සිතින් සමුදෙන්නට
හැකි නොවුනට සමාවෙයන් ……!
යළිත් දිනක මතු භවයක
තරු මල් පිපි උයන් කොනක ……
සිනා පෙළක කතා ලන්න
හමුවෙමු අපි නිසැකව!
අකල් මරණ යළි නොවෙන්න
දිවිය පුරා සුව විඳින්න
අරන් යන්න මේ පිං පෙළ
සමාවෙයන්…
පහු උනාට ……!



