
ඇත්රජු නුඹයි සිත මගෙ පෙම්මල් පිබිදූ
රැල අතහැර රජ මෙහෙයට වන් ගිජිඳූ
සටන් බිමේ එඩි පා නම තැබු නිරිඳූ
පවසනු කෙලෙස පෙම මගෙ හද තුල රැන්දූ
තෙදපා සටන් බිම යනවිට නුඹ පෙරට
මගෙ හිත ගිනි ගනියි නපුරක් වෙද බයට
ඈතින් ඉඳන් වැන්දා දෙවියන් නමට
නුඹ රැකලා දෙන ලෙස විපතක් නොකොට
නාමල් පිපුන නා ගස් යට සෙවන ලඟ
නුඹ එනතුරු සිටියා නෙත් යොමා මඟ
පිට පාරෙන්ම හැරිලා යන නුඹේ රඟ
දැකලා කඳුලු රැඳුනා මගෙ ඇහේ අග
රන්පද ලියා ඉතිහාසය බැබලෙව්වත්
පෙම් සුව විඳින්නට නුඹහට කොහිද ඉඩක්
කණ්ඩුල ඇත් රජුනි හිස මත නැති කිරුලක්
දැනගනු මැන මගෙ හිතතුල නෑ වෙනෙකෙක්