

වඳින්නට බෝධියට වෙහෙරහේනට ගිහින්
මතකයිද පුජා කරපු හැටි රතු නෙලුම්
මල් දෙකක් ළඟ තබා දුන් පොරොන්දුව ඉතින්
කඩ කරයි කියල මං හිතුවේ නෑ දෙවි වරන්
පොඩි එකෙක් කුස ඇතුළේ කරණමක් ගැහුවාම
හැංගුනේ උඹ ගිහින් සක්වළේ එහා ඉම
කණ අස්සනටවත් එයි කියලා හිතුවාට
දුක් ගොන්න මට දීල නුඹ ආවේ නෑ තාම
නින්දා ද අපහාස දෙස් දෙවොල් පමණි මට
එළිපත්ත උඩ ඉඳන් බලමි හිස් අහස් දෙස
ඉපදෙන්නට කලින් මරණ සහතික දෙන්න
හිතක් නෑ පොඩි එකා වරදකුත් නොකළ කොට
විවරණ එපා බුදුවන්නට මට නොහැකී
පට පිළි කසී සළු කිසිවක් පලක් නැති
කිරි කැටියෙක් ‘සුජාත දරු’ වීම වටී
කණ අස්සනට හෙට වෙනකොට වරෙන් සකී