
හමනා පවනක
සැඟවී හෙමිහිට
ඔබ ඇවිත් වෙලී සඳ එළියේ..
දැවටී සුසුමක
තනි වූ සිත ළඟ
සිප සුවඳ තියයි තොල් අතරේ..
පෙරදා සවනට
මිමිණු සෙනෙහස
හැඟුම් ලබා තරු අතරේ..
ඉගිලී හනිකට
දේදුනු සිහිනෙට
මිහිර සොයයි ඔබ තුරුලේ..
ලබනා හෙට දින
රන් අරුණලු පිස
අපි දෑත් බැඳන් යමු සසරේ ..
ජය සක් හඬ මැද
පෝරුව මත හිඳ
දිනූ කෝඩුකාර පෙම් සිහිනේ..