26.1 C
Colombo
Tuesday, March 17, 2026
spot_img

Subscribe

Date:

Share:

කෝඩුකාර පෙම් සිහිනේ..

Related Articles

හමනා පවනක                                                        

සැඟවී හෙමිහිට

ඔබ ඇවිත් වෙලී සඳ එළියේ..

දැවටී  සුසුමක

තනි වූ සිත ළඟ

සිප සුවඳ තියයි තොල් අතරේ..

පෙරදා සවනට

මිමිණු සෙනෙහස

හැඟුම් ලබා තරු අතරේ..

ඉගිලී හනිකට

දේදුනු සිහිනෙට

මිහිර සොයයි ඔබ තුරුලේ..

ලබනා හෙට දින

රන් අරුණලු පිස

අපි දෑත් බැඳන් යමු සසරේ ..

ජය සක් හඬ මැද

පෝරුව මත හිඳ

දිනූ කෝඩුකාර පෙම් සිහිනේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles