
උපහාර වේවා
මගේ ගුරු මව් පියවරුන් හට ……!!!!
හසරක් නොදැන යන
දිගු මගක ඇරඹුමට
හව් හරන වී හදින්
සුරත පා කුලුනින්…..!
කඩතුරා හැර දමා
සැබෑ ලොව දකින්නට
නැණ නුවණ වඩවා
අඳරට එලිය දෙන්නට….!
යා යුතු මග කිමැයි
කටු පඳුරු බෝමයි
මල් පිපෙනු නියතයි
හිත දිරිය ගනුවයි…..!
එවන් ගුරු මවුවරුන්
එවන් ගුරු පියවරුන්
දුන් ඔවදනින්මයි
ලෝකයක් බැබලුනේ…..!
පද පුරා අකුරු අමුණා
පිටු පුරා ගීත ලියනා
නිමක් නැති වරුණා
නොපැතුවත් ඔබ සිතිනා…..!
අකුරු දුන් මහිමයට මානව
පින්සාර ගුරු මව් පියන් හට
නමස්කාරය වේවා
යෙහෙන් වැජඹේවා
නිදුකින් දිගාසිරි වේවා….!!!!