31 C
Colombo
Friday, June 9, 2023
spot_img

Subscribe

Date:

Share:

ජීවිතය සරදමකි

Related Articles

හුස්මකට උනුසුමක්
කඳුලකට තෙතමනයක්
යදින නොමැතිව වෙනසක්
ගිලිහෙනා පන පොදක්

දුම් වලාවක එතීයන හීනයක්
දිවිමගට කල සරදමක්
උස් මිටි කමට නැති ඉඩක්
හුදකලාවන අවසනක්

කහවනු දිලිසුනත්
බලය ජයදද බැන්ඳත්
තණ අග පිණි මෙනුත්
මිහිකත වැලඳ ගත්

ඇස ගැටෙන හැම රුවක්
විලස දැනෙනා මෘගයෙක්
ලෙංගතු සිනාවක්
අගුලු ලා වී බියපත්

හුස්ම ලඟ දැවටුණත්
ඇහැට නොපෙනී සැඟවෙත්
උනුන් පන රැකුනොත්
දිනුම වේ මනු සතටත්

මලානික සැන්දෑවක්
මුමනන ශෝක ගීයක්
සුසානය ඉකිබිඳිත්
වරද කොතැනද නොදනිත්

නොදනිත්…….කාගෙ කවුදැයි
කඳුලටත්……..ඉඩ මදියි
ගමන……සුබ දැයි නොදනියි
දුමක් වී…….අහසේ රැඳෙයි

Kumari Mullegamgoda
Kumari Mullegamgoda
B.Sc. University of Jayawardanapura, Sri Lanka Teacher at Gurulugomi Vidyalaya, Kaluthara, Sri Lanka. Writer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles