

අඳුරින් පිරි ලොවට සඳක් සේ පැමිණීම
නුඹ තමයි ජීවිතයේ ඉස්තරම් හමුවීම
දකින්නට ඔබේ මුහුණ දින ගණන් ඉවසීම
එයයි දැන් මගේ නිමක් නැති සැනසීම…
පෙම්වතුන් දකින විට නිතරම මගතොට
නුඹෙ රුවත් මැවෙනවා ඇස් කකියනවා එතකොට
සොදුර නුඹ මැවෙනවාද හීනෙන්විත් ලගටම
තරුවතියක් වීමත් කොපමණ කැපවීමක්ද?
දකිමින් තරු හීන උහුලනා දුක් ගොන්න
දිනෙක ඵලදරයි නුඹ පලදිමින් තරු හීන
නුඹෙ හීන යට මං හංගමින් අපේ හීන
බලන් ඉන්නම් මං ආදරෙන් හැමදාම…..
– දිලිනි පීරිස් –