

පරවේණියෙන් නොපවරා උරුම වුන
දුක්බර මහබරැති උරුමය
කොඳු නාරටිය මත වාරු වී
ගෙන යයි සසර කරුමය
අතරමං වී ලගියි නිහඬව
හිරිමල් යොවුන් විය
චිරි චිරි හඬ නගන
ලී කරත්තය මත
මල් යහන් සිතුවම්ව
හිත ඇතුලෙ ගිනි ගනියි
මියැදෙන හීන ලඟ
කලු සිතිවිලි හඬයි
අනඟ මල් හී සරට
මඟ හැරුනු හද ගොලුයි
අඩවන් දෙනෙත් මත
පෙති මතින් රූ ඇඳෙයි
මැටි පොළව මත එලූ
කඩමාලු පැදුරු මත
දිරාපත් කෙඳිරිලි හඬට
වීදි වල පන සොයා
කර මතට වැඩි බරක් හිසදරා
පොලව දෙස නෙත් යොමා
ඇවිද යයි හිරු වියන යට
උරුමයට දෙස් නොතබා…..