25.6 C
Colombo
Tuesday, October 3, 2023
spot_img

Subscribe

Date:

Share:

නොකියා කියූ ආදර කතා ළඟ..

Related Articles

නොකියා කියූ ආදර කතාවක් ළඟ
හිත නැවතිලා තිබුනා සුදු පින්න මලක් යට
හුදකලා හිතට කොඳුරා රහස් ටික
සැඟවී ගියා දේදුන්නක් වළාවක

සුළගේ පාවෙලා ඇවිදින් වදන් පෙළක්
අඳුරට මුවා වී ලිව්වා පෙම් ගීයක්
අරුත කියා දුන්නේ මුදු පහන් සිලක්
පන්හිඳ ළඟ දඟ කෙරුවා මෙරුන් රැළක්

රැක ගන්නා සේම ඇත රැඳී නෙළුම් මලක්
ඇස් මානයේ තිබුණා සොඳුරු නෙත් දෙකක්
බලා උන්න කඳු වලල්ල නගිනා තෙක්
හිත ඇතුළේ රඳවාගෙන ආදරයක්…..

සසර පුරා පතලා නොදැනෙන සේම
හිතයට තියා ආල හීන නොදැනීම
දුක සඟවගෙන හිනා වෙලා හැමදාම
තනිවම ප්‍රේමයක විරහව වින්දේ කොහොම

වචන පුරා ඉඟි කෙරු ආදර කොමළ
නොකියා කියූ ආදරයක් සිර කෙරුව
සමුගන්නට වුනත් හමුවීමක් නැතුව
සිතුවම් බොඳ වුනේ දෙහදක මග හැරුන

Kumari Mullegamgoda
Kumari Mullegamgoda
B.Sc. University of Jayawardanapura, Sri Lanka Teacher at Gurulugomi Vidyalaya, Kaluthara, Sri Lanka. Writer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles