
හමා ආ පෙර මතක සුවඳක
හිතත් මොහොතක නැවතිලා
ආව ගිය හැටි මියැදි පෙරදා
සිතුවමක් සේ
නෙතු වෙලා…..
ඉමක් නොපෙනෙන සසර ගමනක
සිතුම් පෙළ වල්මත් වෙලා
තවත් හැඟුමන්
හෙටක් ගෙන එයි
ජිවිතේ හැටි පහදලා…..
සිතත් රවටන දැහැන බිඳ දා
ඉරක් සේ කලඑළි වෙලා
තවත් වෙහෙසෙමි
නිදිත් නොලබා
මුළු ලොවට
සෙනෙහස පුදා…..