27.2 C
Colombo
Thursday, July 3, 2025
spot_img

Subscribe

Date:

Share:

…. මතක ….

Related Articles

ඔබට මතකද ….
අප එදා උන්නු තැන ….
ඔබට මතකද
සිනාසුනා අප – කතා කළා අප
අප ගැන ….
හමුවුනා අපට ආදරය
හමුවුනා අපට මනුසත්කම ….

ඔබට මතකද
බලා සිටියා අප අහස දෙස ….
ඔබට මතකද
බලා සිටියා රළ බිඳෙන දෙස ….
හමුවුණා බොහෝ මිතුරන්
හැරගියා අප සැණෙකින්
හුදකලාවම තනිවම ….

ඔබට මතකද
බුදුවරයෙක් හමුවුණා අපට ….
පැවසුවා දිවිය නිසරු බව
ඔබට මතකද
අප සෙව්වේ අප ගැනම බව ….
අප ඇවිද ගියා බොහෝ ඈතක
ආදරයෙන් පිරි ලොව වෙත ….

Senaka Dinesh
Senaka Dinesh
Sound designer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles