
මිහිතලයේ ස්වාභාවික සමතුලිතතාව පවත්වා ගැනීම සමස්ත ශාක හා සත්ත්ව ප්‍රජාවම සිය දායකත්වය සපයයි. ස්වාභාවික විපත්ති මෙන්ම විශාල වශයෙන් මානව ක්‍රියාකාරකම් නිසා ද ශාක හා සත්ත්ව ප්‍රජා මිහිතලයෙන් සමුගෙන සිටින බව නොරහසකි. කාර්මික විප්ලවයත් සමඟ ඉහල ගිය අධික පරිසර දුෂණය නිසා ශාක හා සත්ත්ව ජීවි විශේෂ කීපයක්ම මේ වන විටත් මිහිතලය තුළින් වඳ වී ගොස් ඇති අතර තවත් බොහොමයක් වඳ වී යෑමේ තර්ජනයට ලක් වී තිබේ. අතීත මුතුන් මිත්තන් පරිසරය, ගහ කොළ, සතා සිවුපාවුන් සමඟ ගනුදෙනු කළ ආකාරයටම වර්තමානයේ අපිත් කටයුතු කළා නම් ඔවුන්ගේ එම ආකල්ප අදටත් පවත්වාගෙන ආවා නම් මේ ආකාරයේ රතු දත්ත පොතක් කිසිවිටකත් බිහි නොවනු ඇත. ඉතින් මින් පැහැදිළි වන්නේ රතු දත්ත පොතක් බිහිවීමට මූලිකම හේතුව වී ඇත්තේ වගකීම් විරහිත ව සිදුකරන මනුෂ්‍යන්ගේ අකටයුතුකම් ය. පරිසරය හා සම්බන්ධ ක්ෂේත්‍රයන්හි නියැලී සිටින අය බොහෝ දෙනෙක් රතු දත්ත පොත, හොඳින් දන්නා දෙයක් වුවත්, ඉන් පිටත බහුතරයක් එය කුමක්දැයි සිතීමට තරම්වත් තතු නොදනී. කෙසේ හෝ රතු දත්ත වාර්තාව යනු කොතරම් වැදගත් වාර්තාවක් වුවත් එහි නම සඳහන් වීම නම් ඇස් රතු වන කරුණකි (පිටිගල, 2021).
රතු දත්ත පොතේ උපත
1964 දී පිහිටුවන ලද, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන්ගේ රතු ලැයිස්තුව, සත්ව, දිලීර සහ ශාක විශේෂවල ගෝලීය වඳවීමේ අවදානම් තත්ත්වය පිළිබඳ ලොව වඩාත් සවිස්තරාත්මක තොරතුරු මූලාශ්‍රය බවට පත් වී ඇත. IUCN රතු ලැයිස්තුව යනු ලෝකයේ ජෛව විවිධත්වයේ සෞඛ්‍යය පිළිබඳ තීරණාත්මක දර්ශකයකි. විශේෂ ලැයිස්තුවකට සහ ඒවායේ තත්ත්වයට වඩා බොහෝ සෙයින්, එය ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා ක්‍රියාමාර්ග දැනුම් දීමට සහ උත්ප්‍රේරක කිරීමට ප්‍රබල මෙවලමක් වන අතර, අපට ජීවත් වීමට අවශ්‍ය ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් වේ. එය පරාසය, ජනගහන ප්‍රමාණය, වාසස්ථාන සහ පරිසර විද්‍යාව, භාවිතය සහ/හෝ වෙළඳාම, තර්ජන සහ අවශ්‍ය සංරක්ෂණ තීරණ දැනුම් දීමට උපකාර වන සංරක්ෂණ ක්‍රියා පිළිබඳ තොරතුරු සපයයි. රතු දත්ත පොත යනුවෙන් ප්‍රකාශයට පත් වන්නේ එයයි.
IUCN රතු ලැයිස්තුව රාජ්‍ය ආයතන, වනජීවී දෙපාර්තමේන්තු, සංරක්ෂණයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන (NGOs), ස්වභාවික සම්පත් සැලසුම්කරුවන්, අධ්‍යාපනික සංවිධාන, සිසුන් සහ ව්‍යාපාරික ප්‍රජාව විසින් භාවිතා කරනු ලැබේ. රතු ලැයිස්තු ක්‍රියාවලිය IUCN ජෛව විවිධත්ව ඇගයීම් සහ දැනුම කණ්ඩායම් කාර්ය මණ්ඩලය, හවුල්කාර සංවිධාන සහ IUCN විශේෂ පැවැත්ම පිළිබඳ කොමිසමේ විශේෂඥයින් සහ IUCN රතු ලැයිස්තුව අද අත්‍යවශ්‍ය නිෂ්පාදනයක් බවට පත් කිරීම සඳහා විශේෂ තොරතුරු සම්පාදනය කරන හවුල්කාර ජාලයන් ඇතුළත් දැවැන්ත ව්‍යවසායයක් බවට පත්ව ඇත (Iucnredlist.org, 2024). මීට අමතරව ජාතික මට්ටමෙන් ද රටවල් විසින් සංරක්ෂණ අවශ්‍යතා වෙනුවෙන් තම රටවලට අදාළ එවැනි රතු ලැයිස්තු පිළියෙල කරයි. ශ්‍රී ලංකාවේ එවැනි තර්ජිත ශාක ලැයිස්තුවක් පළමු වරට පිළියෙල කෙරුණේ 1987දීය. 1989දී එයට තර්ජිත සත්තු ද ඇතුළත් කෙරුණහ. IUCN ශ්‍රී ලංකා කාර්යාලය එම ලැයිස්තු 1993දී යාවත්කාලීන කළේය. මෙරට පළමු වරට දේශීය නිර්ණායක ක්‍රමවේදයක් මත පදනම්ව 1999 ජාතික රතු ලැයිස්තුවත් 2020 වසරේදී එළි දැක්විණි. ලෝක රතු දත්ත කාර්යාලය මඟින් එළි දැක්වූ ගෝලීය නිර්ණායක මත පදනම්ව ජාතික රතු දත්ත වාර්තාවක් 2007 වසරේ දී ප්‍රකාශයට පත් කෙරුණේ IUCN ශ්‍රී ලංකා කාර්යාලය සහ පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව කාර්යාලය එක්වය. එම ලැයිස්තුව අවසන් වරට යාවත්කාලීන කර තිබුණේ 2012 වසරේදීය (සෙනෙවිරත්න, 2021).

රතු දත්ත වර්ගීකරණය
වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති ස්වාභාවය සැලකිල්ලට ගෙන IUCN මගින් විවිධ නිර්ණායක ගොඩ නගා තිබේ.කාලීන විවිධ වෙනස්කම් සමගින් රතු දත්ත වර්ගීකරණයකොටස් 09 ට වෙන් කොට තිබේ (විකිපීඩියා, 2024).
- වඳ වී ගිය Extinct (EX)
- පරම්පරා ගත ගහනයෙන් තොර වූ Extinct in the Wild (EW)
- වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ Critically Endangered (CR)
- වඳ වී යාමේ ඉහල අවධානමක් ඇති Endangered (EN)
- අනතුරට ලක්විය හැකි Vulnerable Species (VU)
- අවදානම හමුවේ ඇති Near Threatened (NT)
- අවම අවදානමේ ඇති Least Concern (LC)
- දත්ත ඌණතා සහිත Data Deficient (DD)
- වර්ගීකරණයට ලක් නොකළ Not Evaluated (NE)
- වඳ වී ගිය Extinct (EX)
විශේෂයකට අයත් අවසාන ජීවියත් මිය ගොස් ඇති අතර අදාළ විශේෂයේ නව පරපුරක් බිහි කිරීම සඳහා කිසිඳු සත්ත්වයෙක් වාර්තා නොවෙන බවට පැහැදිලි සාක්ෂ්‍ය සහිත සත්ත්ව හා ශාක විශේෂ මෙම වර්ගීකරණයට ඇතුලත් කෙරේ. අදාළ සත්ත්ව ගහනයේ පෙර වාර්තා අනුව ශ්‍රිතු ගත චර්යා රටාවන් , ආවේනික භුමි ප්‍රදේශ ඇතුලත දක්නට නොලැබුණු මෙන්ම කිසිඳු ආකාරයේ වාර්තාගත වීමක් දක්නට නොලැබුණු සත්ත්ව හා ශාක කහඳ මීට එක්වේ. වර්ගීකරණයට ඇතුලත් කිරීම සඳහා අදාළ වර්ගීකරණ විශේෂයේ ජීවන චක්‍රය හා ජීවන රටා ආශ්‍රිත වූ කාල රාමුවක් භාවිත කරනු ලැබේ. පරිනාමය වීම, ජානමය ගැටළු, වාස භුමි අහිමි වීම, විලොපිකයන්ට ගොදුරු වීම, යැපෙන්නන්ගේ වඳවී යාම, ස්ෆොටන අවදි පසු කිරීම, ස්වභාවික වරණය මේ සඳහා බලපාන හේතු අතර වේ.
උදා:-
- මෙම වර්ගීකරණයට ගැනෙන ප්‍රදානතම උදාහරණය ඩයිනෝසිරස්ය.
- පැසෙන්ජර් පිගන් පක්ෂියා ,
- Golden Toad, Hasstles’ eagle , Dodo පක්ෂියා මෙන්ම සමනල විශේෂ බොහොමයක්ද මේ වනවිට ලෝකයෙන් සදහටම වඳ වී ගොස් තිබේ.
- Wooly Mamoth
- Javan Tiger
- Atlas Bear
- Japanese Sea Lion
- පරම්පරාගත ගහනයෙන් තොර වූ (වනයේ පරිසරයෙන් නෂ්ට වූ) – Extinction in Wild (EW)
පෙර වාර්තා වූ පරම්පරා ගත ගහනයන් හා සංසන්දනය කරන විට අතිශය පසුබැස්මක් වාර්තාවන, ස්වභාවික පරිසරයෙන් වඳවී ගොස් ඇති නමුත්, ඇති කරන ලද තත්ත්ව යටතේ පමණක් දැකිය හැකි ජීවී විශේෂ මෙයට ඇතුළත් වේ. මෙවෙනි විශේෂ වල වාර්තා වීමක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර එයද පැවති වාර්තාගත වීම් වලට සාපේක්ෂව අවම අගයක් ගනී. ඇතැම් විට එය එක් ජීවියෙක් පමණක් වීමට ඉඩ ඇත. වර්ගීකරණයට ඇතුලත් කිරීමේදී අදාළ විශේෂයේ චර්යා රටා ඇතුලත් කාල රාමුවක් තුල නිරීක්ෂණයන් කිරීම කල යුතුය.
උදා:-
- Hawaiian Crow
- Alagoas Curassow
- Guam Rail
- Red Wolf Java Rhino
- වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ (අතිශය අන්තරායට ලක් වූ) – Critically Endanger (CE)
වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ ජීවී විශේෂ මෙමෙ වර්ගීකරණයට එතුලත් කෙරේ. නුදුරු අනාගතයේදී මිහිමතින් නෂ්ටවී යාමේ අවදානමක් ඇති සත්ව කාණ්ඩ වේ. වර්තමානයේ සත්ව විශේෂ 2139ක් හා ශාක විශේෂ 1831ක් මෙයට ඇතුලත් කර ඇත.
උදා:-
- Cross River Gorilla
- Sumatran Orangutan
- Silky Sifaka
- Delacour’s langur
- Golden Head Langur
- වඳ වී යාමේ ඉහල අවදානමක් ඇති Endangered (EN)
ස්වභාවික පරිසරයේ වඳවීමට හේතු සාධක බහුල නිසා උග්‍ර අවධානමට ලක්වූ විශේෂ මෙම කාණ්ඩයට ඇතුලත් වේ. පරම්පරා 3ක හෝ වසර 10ක කාලයක් තුල ගහනයේ 50%ක අඩුවීමක් පැහැදිලිව දක්නට ලැබෙන වාර්තාගත, වන භුමි ප්‍රදේශය 5000 KM හෝ 500 km දක්වා අඩු වීමක් දක්වන, ගහනයේ ප්‍රමාණය 2500 කට අඩු පරිනත සත්වයන් ගෙන් සමන්විත හෝ පරිනත සත්ව ගහනයේ 20%ක අඩුවක් වසර 5ක හෝ පරම්පරා දෙකක් අතර දී දක්වන, පරිනත සත්වයන් ගණන 250ට අඩුවන ප්‍රමාණාත්මක සංගණන මගින් අවම වශයෙන් 20%ක වඳ වී යාමේ ප්‍රවනතාවයක් වසර 20ක් තුල හෝ පාරම්පර 5ක් තුල දක්වන වඳ වී යාමේ තර්ජනයට ලක්වී නොමැති නමුත් මුහුණ පෑමේ ඉහල අවදානමක් සහිත විශේෂ මෙයට අයත්ය.
උදා:-
- Asian Elephant
- African Penguin
- Tiger
- Persian Lepord
- Volcano Rabbit
- Gient Panda
- Green Sea Turtile
- අනතුරට ලක්විය හැකි (Vulnerable Species – VS)
CE හෝ EN වර්ගීකරණයට අයත් නොවන උග්‍ර ලෙස අවදානමට ලක් නොවූවත් ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක්වන සාධක අවම නොවුවහොත් හෝ ඔවුන්ගේ බෝවීම වේගවත් නොවුවහොත් අනාගතයේ තර්ජනයට ලක්වීමේ ඇති හැකියාව ඉතාමත් ඉහළ විශේෂ මෙම කාණ්ඩයට අයත් වේ.
උදා:-
- African Elephant
- American paddlefish
- Clouded Leopard
- Cheetah
- Red Panda
- Mountain Zebra
- Fossa
- Galapagos Tortoise
- Gaur
- Blue-eyed cockatoo
- Golden Hamster
- අවදානම හමුවේ ඇති Near Threatened(NT)
CR, EN, VU, යන කාණ්ඩ වලට අයත් නොවන නමුත් නුදුරු අනාගතයේදී එම කාණ්ඩ වලට ඇතුලත් වීමේ අවධානමක් ඇති ජීව විශේෂ මෙම කාණ්ඩයට අයත් වේ.
උදා:-
- African Grey Parrot,
- American Bison,
- starry blenny
- Asian Golden Cat
- Blue-billed Duck,Emperor Goose
- Emperor Penguin
- Eurasian Curlew
- Jaguar
- Leopard
- Magellanic Penguin,
- අවම අවදානමේ පවතින Least Concern (LC)
CR, EN, VU, NT යන කාණ්ඩ වලට අයත් නොවන ජීව විශේෂ මෙම කාණ්ඩයට ඇතුලත් වේ. පුළුල්ව ව්‍යාප්ත වූ බහුල තක්සෝන මෙම කාණ්ඩයට අයත් වේ. මොවුන් බහුලතාව නිසාම නුදුරු අනාගතයේ තර්ජයට ලක්වීමේ අවදානමක් නොමැති ජීවි විශේෂ වේ.
උදා:-
- American Alligator
- American Crow
- Indian Peafowl
- Baboon
- Bald Eagle
- Brown Bear
- Brown Rat
- Brown-throated sloth
- Cane Toad
- Common Wood Pigeon
- Cougar
- Common Frog
- Orca
- Giraffe
- දත්ත ඌනතා සහිත Data Deficient (DD)
මෙම කාණ්ඩයට එහි ව්‍යාප්තිය හෝ ගහණයේ තත්ත්වය පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නොමැති හා හඳුනා ගැනීමේ ගැටළු ඇති, තවමත් අධ්‍යයනයන් නොකල විශේෂ අයත්වේ.
- වර්ගීකරණයට ලක් නොවූ Not Evaluated (NE)
මෙම කාණ්ඩයට අයත් වන්නේ තර්ජනයට ලක් වූ විශේෂ පිලිබඳව ඇති නිර්ණායකයන්ට අනුව තක්සේරු කර කාණ්ඩ ගත කර නොමැති විටදීය. සංරක්ෂණ පියවර නොගතහොත් තර්ජනයට ලක්විය හැකි ජීවී විශේෂ මීට අයත් වේ.
උදා:-
- Amazon tree boa
- Arnhold’s Mouse Lemur
- Ayu
- Bicolour parrotfish
- Black-headed Python
- Black Swallower
- Blue Malaysian Coral Snake
- Brown Marmorated Stink Bug
- Candiru
- Children’s python
- Chinese high fin banded shark
- Clown Loach
- Chubby flashlight fish
ශ්‍රී ලංකාවේ රතු දත්ත
පැලෑටි සඳහා වූ ප්‍රථම ජාත්‍යන්තර රතු ලැයිස්තුව 1964 දී ගෝලීය සංරක්ෂණ අධිකාරිය වන IUCN විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර 1999 දී ශාක විශේෂ 809 ක් තක්සේරු කරමින් ශ්‍රී ලංකාව සිය පළමු ජාතික රතු ලැයිස්තුව ප්‍රකාශයට පත් කළේය. 2007 රතු ලැයිස්තුව මඟින් ශාක 1,099 ක් ඇඟයීමට ලක් කොට ඇති අතර, 2012 සංස්කරණය මඟින් සපුෂ්ප ශාක 3,100 ක් තක්සේරු කරන ලදී.
ශ්‍රී ලංකාවේ රතු දත්ත වාර්තාව අවසන් වරට නිකුත් වුයේ 2012 වර්ෂයේදීය. එම වාර්තාවට අනුව ලංකාවට ආවේණික, ජාතික වශයෙන් තර්ජනයට ලක් වූ විශේෂ 534 න් 228ක්ම බරපතළ ලෙස වඳවී යාමේ තර්ජනයට ලක් ව ඇත. ඒ අතර ලංකාවට ආවේණික ක්ෂීරපායි සතුන් 86%ක්, කුරුල්ලන්ගෙන් 67%ක්, උභය ජීවීන්ගෙන් 78%ක් පමණ රතු ලැයිස්තුව පෝෂණය කරනු ඇති. තවද ආවේණික උභය ජිවි විශේෂ 19ක් දැනටමත්ම වඳව ගොස් ඇත. ශ්‍රී ලංකාවේ රතු දත්ත වාර්තාවට අනුව දේශීය ශාක විශේෂ ලැයිස්තුවේ නවතම සංස්කරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ තක්සේරු කළ විශේෂ වලින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවත් එය 2012 වසරට පෙර පැවති සංස්කරණයට වඩා වැඩි බවත්ය (Rodrigo, 2021).
දෛනිකව සිදුකරන පරිසර හානි හමුවේ රතු දත්ත පොතෙහි වාර්තාවන් අලුත් වන අතර එය මිහිතලයේ සමබර පැවැත්මටද යම්කිසි බලපෑමක් ඇති කිරීමට හේතු වන තත්වයකි. 2012 ජාතික රතු දත්ත ලේඛනයට අනුව ශාක විශේෂ පහක් වඳ වී ගොස් ඇති බවට (Extinct) ලැයිස්තුගත කර තිබුණි. එහෙත් පසුගික කාලයේදී සිදු කෙරුණු පර්යේෂණ අනුව Crudia zeylanica, Rinorea decora සහ Rinorea bengalensis යන විශේෂ තුනම නැවත සොයා ගන්නා ලදී. එබැවින් 2020 වාර්තාවේ වඳ වී ගොස් ඇතැයි විශ්වාස කෙරෙන්නේ Strobilanthes caudata (Acanthaceae) සහ Blumea angustifolia (Asteraceae) විශේෂ දෙක පමණි (කුමාර, 2021). ඒ අනුව රතු දත්ත පොතට ඇතුලත් වූ ශ්‍රී ලංකාවට ආවේනික සත්ත්ව විශේෂ කිහිපයකි.
- මත්සයන් –
- දුම්බර පෙතියා – Puntius martenstyni
- පතිරණ සාලයා – Devario Pathirana
- බන්දුල පෙතියා – Puntius bandula
- බුලත් හපයා – Puntius nigrofasciatu
- හීත මස්සා – Puntius pleurotaenis
- ලේ තිත්තයා – Puntius titteya
- හල් මල් දණ්ඩියා – Rasboroides vaterifloris
- උරගයන්
- මුදු කරවලා – Bungarus ceylonicus
- පලා පොලගා -Trimeresurus trigonocephalus
- ක්ශීරපායින්
- කළු වදුරා Trachypithecus vetulus
- රිලවා – Macaca sinica
- රන් හෝතඹුවා – Paradoxyrus zeylonensis
- පක්ෂීන්
- ශ්‍රී ලංකාවේ අළු කැදැත්තා – Ocyceros gingalensis
- පීතකන් කොන්ඩයා – Pycnonotus penicillatus
- සැලළිහිණියා – Gracula indica
- අළු ගිරවා – Centropus calthropae
රතු දත්ත පොත යනු පරිසරවේදීන්ගේ පමණක් නොව කාගේත් අවධානයට ලක්විය යුතු අවධානම් ලේඛනයකි. මෙය සමස්ථ ශාක සහ සත්ත්ව ප්‍රජාවගේම පැවැත්ම තීරණය කරන සාධකයකි. අපෙන් මතුවට රටක් ලෝකයක් සමඟ ගනුදෙනු කිරීමට සිදුවන හෙට උපදින බිළින්දාගේ පවා හුස්ම පොද පිළිබඳව තීන්දු කරන බරපතල කාරණයකි. රතු දත්ත පොතේ අනාගතය, හෙට දවසේ සත්ව ශාක ලෝකයේ මෙන්ම මිනිස් සංහතියේද ඉරණම සනිටුහන් කරනු ඇත්තේය.
මුලාශ්‍ර
Iucnredlist.org. (2024). What is The IUCN Red List? IUCN Red List. https://www.iucnredlist.org/
Rodrigo, M. (2021). වඳ වී ගිය ශාක නැවත සොයාගනිමින් යාවත්කාලින වූ ශ්‍රී ලංකාවේ නව රතු දත්ත ලැයිස්තුව ( Follow the butterfly: Rediscovery of ‘extinct’ plants highlights Sri Lanka’s new red list). Mongabay. https://bufferzone.lk/වඳ-වී-ගිය-ශාක-නැවත-සොයාගනි/
කුමාරෂර්ලි උපුල්. (2021). 2020 ජාතික රතු දත්ත වාර්තාවෙන් අනාවරණය වෙන කරුණු මොනවාද ? බීබීසී සිංහල.
පිටිගලතරුෂි. (2021). ඇස් රතු කරවන රතු දත්ත පොත. The Buffer Zone. https://bufferzone.lk/ඇස්-රතු-කරවන-රතු-දත්ත-පොත/
විකිපීඩියා. (2024). රතු දත්ත පොත. විකිපීඩියා. https://si.wikipedia.org/wiki/රතු_දත්ත_පොත#රතු_දත්ත_වර්ගීකරණය
සෙනෙවිරත්නධම්මික. (2021). රතු දත්ත පොත ගැන නොදත් ඇත්ත. Dinamina.Lk. https://archives1.dinamina.lk/2021/09/13/විශේෂාංග/130227/රතු-දත්ත-පොත-ගැන-නොදත්-ඇත්ත