
කණස්සලු අහස මිස
වෙන කවුරු
මන්දාරමට පෙම් බඳින
අලුපාට වලාකුළමයි
ඉර මඬල හැඩි කරන
අනෝරා වැසි එපා
දොඩමළු වචන කල් දමන
නෝක්කාඩු මොකටද ..
හීන් හිරිකඩට නම්
හිත නොවේ උරන
ක්ෂිතිජ ඉමටත් වඩා
සොඳුරු හැඟුමන් සරන
සිතුවිලි වගේම යි
රල පෙළ බිඳී යන
හොයාගෙන ගලපාපු
කවියක
පද පුරා ලියැවුන
ආදරය විඳගන්න
බාධක ඇයිද මෙපමණ!