හීනයක් වගේ හිත ලඟම දැවටන
ගීතයක් වගේ දෙසවන රැවුදෙන
රුපයක් වෙලා නෙත් දෙක මත රැඳුන
මායාවක් වුනේ හිත වට්ටගෙන
තරුවක් වගේ මෝරන සඳ මඬල ළඟ
සිසිලක් වුනේ විහිදුන සඳරැස් දහර
සිතල් මීදුමක් සේ කුටියක සිර කෙරුව
ක්ෂේම භුමියේ මිරිඟුව ඉඟි මාරුව
කොවුල් ගීත ගැයුනේ තලයට නොවේ
අකලට වැහැපු වැස්සේ නෑ තෙත තිබුනේ
දොඩමළු බස් ගොළු වී හිත මුවවුනේ
සෙනෙහස් ගඟ වටකර මහා බැමි බඳුනේ
පර මල් උඩ වසන්තය ඉකිබිඳින කොට
නෙලූ පලා විසිකෙරුවා මුවන් දැක
වෙහෙසට පත්ව හති ලන පෙම් පුරවත
තිතක් වෙලා වැළපෙයි හුදකලාවක