
සඳ රැස් වැටුණු හැම රෑම
කැටයම් මැවුණේ දිය මත
කුමුදු මල් කැකුලක
පෙති පෙති පෙඟී තිබුණා දියමත
වළාකුළුවල දැවටෙමින්
හඳට නොකියා රහසින්
පෙරී පෙරී සඳරැස්
කිමිද යයි ජල තරඟ අතරින්
තැන තැන ලැඟුම් ගත්
ආදරේ මියුරු පද වැල්
මල්වර වෙවී තිබුණේ
නෑවී නෑවී එසඳ එළියෙන්
නිසල වූ රැය පුරා
ගැඹුරු ස්වප්නෙක මා හොවා
අවදි වෙන්නට ඉඩක් නැති හැටි
සැනසෙන්න සඳ දෙස බලා