27.8 C
Colombo
Saturday, December 13, 2025
spot_img

Subscribe

Date:

Share:

සාස්තර කීනවා මාතියා

Related Articles

ගිනියම් වූ නගරයේ

සිසිලස හොරාගත්

රූස්ස මාර ගහ යට

රතු මල් පලස උඩ

අතින් අත අල්ලා

කොඳුරන්නෙ හෙමිහිට

අතේ රේඛා ඔක්කොම

ඇහැ ඇතුළේ දවටගෙන

ඒ ඇහෙන් මේ ඇහැට

ඇසිපියන් නොවැටෙනා තරමට

ඉහළට ගත් හුස්ම

පපුවේම හිර කරන් ………..

පින්තූර අඳිමින් වචනයෙන්

හොඳ නරක එක විලසින්

සිතුවම් කරයි සැනෙකින්

සිත අඟුළු දමමින් …..

දොඩමළු වන වචන

හීන ඇතුළෙම හිර කර

නළලේ තිලකයට

මුවා වී ඔප වැටුන මායාව ……..

වත්සුණු අහිමි දෙකොපුල

දුවිල්ල සිත්තම් කළ

හිරු බසින හැල්මේ

පුරවා පසුම්බියේ මුල්ල

උරයක දමා අව පැහැ

උරුම වූ අරුම ශිල්පය

ගෙන යයි පොදිය කර මත

තැන තැන මවා මාළිග ………… 

Previous article
Next article
Kumari Mullegamgoda
Kumari Mullegamgoda
B.Sc. University of Jayawardanapura, Sri Lanka Teacher at Gurulugomi Vidyalaya, Kaluthara, Sri Lanka. Writer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles