25 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

සිමා මායිම් නොමැති දිවිය

Related Articles

අත් නැත – පා නැත – දුක් නැත. නික් වූ-යි-චීච් නම් අපුරු මිනිසාගේ ජිවන චරිකාඅ කෙටිකර දක්වන හැඳුනුම එයයි.

35 හැවිරිදි මෙම අසාමාන්‍ය මිනිසා මුළු ලොවටම බාධක – දුක්කම්කටොලු මැදින් ජිවන නෞකාව පදවාගෙන යා හැකි අයුරු කියාදෙයි. රටවල් 57 කට වැඩි ප්‍රමාණයක් ඖ මේ වන විට සැරිසරා ඇත. දේශනවර 3000 කට වැඩ පවත්වා ඇත. තිස්ලක්ෂයකට අත්ධික පිරිසක් මේ වනවිට අමතා ඇත.

ඔහු අද වනවිට කනස්සල්ලට පත් ජිවිත බලගන්න්වන ගාමක බලවේගයක් වී ඇත. යුගොස්ලෝවියාවේ සර්බියානු සංක්‍රමණික මාපිය දෙපලට දාව 1982 දෙසම්බෙර් 04 වන දින නිකොලස් ජේම්ස් වූ -යි-චීච්ඔස්ට්‍ර්ලියාවේ මෙල්බර්න් හිදී උපත ලැබිය. නික් ඉතා විරල රෝග ලක්ෂණයක් වූ ටෙට්‍රියා – අමෙලියාවට ( ටෙත්රිඅ -amelia) ගොදුරුව අත්පා නොමැති දරුවකු ලෙස මෙලොව එලිය දිටීය. මුළු ලෝකයම මෙම සින්ඩ්‍රෝමය ට ලක්ව ජිවතුන් අතර සිටින හත්දෙනාගෙන් එක අයෙක් නිකොලස්.

නික් උපන් ගමන් නර්ස්ල අතින් සිය ලේ කැටි බිලිඳා අතට ගැනීමට හෝ පුතු දෙස බැලීම හෝ මව විසින් ප්‍රතික්ෂේප කර ඇත. සිය වැඩිමල් දරුවා පිලිබඳ සිහිනය බිඳ වැටුනද මේ මේ තමා දෙවියන්ගේ කැමැත්ත යැයි හිත හදාගෙන පසුව දෙමාපියන් ඔහුව රැකබලා ගත්හ.

“පුදුමයි මගේ ළමා කාලය සාමාන්‍ය ළමයෙක් ගේ විදිහට ගෙවිලා ගියා”. පසු කලෙක නික් පැවසිය.නික්ගේ ඉගෙන්පහල කඳ කොටසේ ඇති කකුල් දෙක ඔහු හඳුන්වන්නෙ”කුකුල් අඬු” දෙකක් ලෙසය. මුලදී ඒ කකු දෙක ද එක්ව තිබු අතර පසුව සැත්කමකින් වෙන් කරන ලදී.

පා ඇඟිලි ඔහු දැන් අතක් සේ පාවිච්චි කරයි. විදුලු රෝද පුටුවක් ක්‍ර්යිත්මක කිරීමට පරිගණකය, ජංගම දුරකථනය භාවිතයට ඔහු එම ඇඟිලි උපයෝගී කර ගනී.

“මා මෙලෙසින් මෙලොව උපන්නේ  මන්ද ?” යන වික්ෂිප්තභාවයෙන් ඔහු කිහිපවරක් දිවි නයගන්නට තැත්කලද ජිවිතයේ තව බූ දුරක් යාමට ති බැව්ඔහුට පසක් කළේය. ඔහු අන් දරුවන් අතර සිටියදී තමා අබධෛතයකු යන්න අමතක් කලේ කතාවට හුරු වීමෙනි.

නික් ඒ සඳහා අවේශයක් ලැබුවේ තම  මවගෙනි. තම අත්පා වර්ධනය කරදෙන ලෙස දෙවියන්ට නිතර දෙවේලේ කන්නලවු කරමින් සිටි ඔහුට මෙවන් අබාධයකට ලක්ව දිරියෙන් ජිවිතයට මුහුණදෙන තවත් අයකු පිළිබද පුවත්පත් ලිඉයක් මව විසින් පෙන්වන ලදී.

මෙවන් අබධවලින් පෙලින්නන් තම පමණක් නොවන බව ප්‍රත්‍යක්ෂ කරගත් නික් එතැන් සිට විශාල පරිවර්තනයකට ලක්විය.

දෙවියන් කෙරේ මහත් භක්තියක් දැක්වූ ඔහු අවු 17 දී දේව ධර්මය ප්‍රචාරය කරන දුතයෙකු බවට පත් විය. වරෙක හවූහරනක් නොලද චරිතයි බවට පත්ව සිටි නික් අද ලොවම හඳුනන ජිවිත නගා සිටුවන ( Motivational Speaker) දේශකයෙකි. දේශකයෙක් පමණක් නොව ජනප්‍රිය ලේකකයෙකි. රුපවාහිනී ශිල්පියෙකි. නළුවෙකි.

2010 දී නික් සිය පළමු ග්‍රන්ථය ” Life without Limits ” නමින් පල කරන ලදී. “Life Greater Purpose” නමින් අභිප්‍රේරණාත්මක වාරිතා චිත්‍රපටයක් ද ඔහු විසින් නිපදවා ඇත. ඔහුගේ ” The Butterfly Circus” කෙටි චිත්‍රපටය 2009 දී සම්මා උළෙල කිහිපයකදීම සම්මාන ලැබිය. නික් හොඳම නළුවාගේ සම්මානයද හිමිකරගෙන තිබේ.

අවු. 21 දී ග්‍රීෆින් විශ්ව විද්‍යාලයෙන් වනිජවේදී උපාධිය ලබාගත් ඔහු ගණකාධිකරණය හා ආර්ථික ක්‍රම සම්පාදනය පිලිබඳ ද්විත්ව උපාදිධරයෙකි. 2007  දී ” Life without Limbs ” සංවිධානය පිහිටුවාගත් ඔහු එමගින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කරා යාමට මඟ පාදාගත්තේය. පසුව 2007 දී Attitude is Altitude යන සමාගම පිහිටුවිය. ඕනෑම අසීරුතාවයක් මැද බලාපොරොත්තු සහගත ජිවිතයක් ගෙනයාමට මග පෙන්වීම ඔහුගේ දේශනාවන්හි මුඛ්‍ය පරමාර්ථයයි.

අතක් පයක් නොමැතිව කිසිවක් කරකියා ගත නොහැකි හැන්දෑ වැටුණු මිනිසෙකු අද මේසයක් හෝ පුටුවක් මතට වී ඇඟිල්ලක් ගැසිය නොහැකි තරමට සෙනග පිරුණු ශාලාවක දෙනෝදාහක් ජනයාගේ දෙනෙතට කඳුලක් නංවමින් ජීවිතය කියාදෙයි. අසන්නන් අතර හැම තරාතියමකම ශිෂයෝ, ගුරුවරු, යෞවන යෞවනියෝ, ව්‍යාපාරිකයෝ හා පුජකයෝ වෙති.ධනාත්මක සිතීම පිලිබඳ පොත් 9 ක් පමණ නික් විසින් මේ වන විට ලියා ඇත.

 

 

 

 

 

මිනිසෙකු සම්පුර්ණ කරන අනෙක් කාරණය වන පුතෙකු ලැබීමට තරම් ද ඔහු වාසනාවන්තයෙකි. එක පුතකු නොසැ ඔහුට පුත්තු දෙදෙනෙක්ම වෙති. නිකට පෙම් බැඳී ඇය කනෙයි මියෙහාරා ය. 2008 දී ඇය ඔහුට හමුවුයේ ටෙක්සාස් හි දිය. ජපාන කෘෂිකාර්මික ඉන්ජිනේරුවෙකුට හා මෙක්සිකානු  මවකට දාව මෙක්සිකෝවේදී උපන් මියහාරා ටෙක්සාස් යි පදිංචි වී සිටියි.

මියහාරාට නික් හමු වුයේ ඔහුගේ දේශනයක් ඇසීමට ගිය අවස්ථාවේදීය. 2012 පෙබරවාරි 12 වැනිදා ඔවුහු විවාහ විය. 

ජීවිතය කියන්නේ පුදුමාකාර දෙයක් නොවේද ? අප ජීවිතය බාරගන්නේ කෙලෙසද එලෙසින් අපට ප්‍රතිපල ලැබේ. “ඔබට ජිවිතයේ දී යම් ආශ්චර්යමත් දෙයක් ලැබිය නොහැකි නම් ඔබ අන් අයට ආශ්චර්යක් වන්න” ඒ නික් නිතරම කියන දෙයකි.

 

සම්පාදනය අන්තර්ජාලය ඇසුරින්

 

Dinesh Ekanayake
Dinesh Ekanayake
B-Tech of UoVT / DRTJ Colombo University. Sri Lanka Film Sound Designer/Music composer/Foley Artist/Video Editor/ Dubbing Directing / Screenplay Writer and Director.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles