25 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

සොබනිය

Related Articles

හිටියාලු අපේ පරපුරේ

මී මුත්තෙක්

කතාව හැටියට කෙරුමෙක්

සහකාරී කර ගත්

මටත් හිතුනා දිනක්

කරන්නට ඒ වගේ වැඩක්

සොයා ගම කෙල්ලෙක්

ගම ගෙයක් ළග රදුන වරුවක්

මේ ගෙදර ඇතුළේ

කෙල්ලෙකුගේ හඬ අසුනේ

මී මුත්තා කරකර බැන්දේ

මේ වගේ එකියකද සිතුණේ  

එබිලා බැලුවෙමි දොරකඩින්

හැබෑටම ඒ කෙල්ලෙක්

ගමේ දැයි සැක සිතී

බැලුවා දෙතුන් සැරයක්

කොණ්ඩය ස්ට්‍රේට්

නියපොතු ග්‍රීන් කියුටෙක්ස්

ෆෝන් එක හරි ස්මාර්ට්

කන ඇතුලේ ඉයර් ෆෝනයක්

ඇඳලා පොඩි ශෝටක්

කොටම කොට ටී ෂර්ටයක්

කකුල පිට කකුලක්

දමා ඉඳගෙන හිටියා චික් චික්

මාව දුටු වේලේ

අමුතු බැල්මක් ලෑවේ

අම්මි මේ ෆොක්ස් කෙනෙක්

ඩෝර් එකෙන් එබුනනේ

මමත් පොෂ් නරියෙක්

කොහෙවත් නෑ සොබනියෙක්

මී මුත්තේ අසාපන්

නොවෙමි මම නුඹ තරම් සමතෙක්

Kumari Mullegamgoda
Kumari Mullegamgoda
B.Sc. University of Jayawardanapura, Sri Lanka Teacher at Gurulugomi Vidyalaya, Kaluthara, Sri Lanka. Writer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles