

හඳ රටා ඇන්දේ නැති කළුවරේ
උඹ හිටිය මල් වැටේ කෙළවරේ
හැංගුවේ මල් යටද ආදරේ
ඇස නොගැටී හැරුනේ මහ වංගුවේ
මගේ කඳුළු බර වැඩියි නංගියේ
රටා නැති පැදුර යට රිංගුවේ
පිල් කඩට පිනි වැටෙන වංගියේ
මාලිඟා මැව්නාද හිත වටේ
මල් ආවේ නෑ තවම වතු සුද්ද මල් වැටට
දේදුන්නෙ පාට තව තැවරිලා අහස යට
හීන කළු පාට වී අළු වෙලා ගිනියම්ව
කැණී මඬල අහුවෙලා කඳුළු ගං පිටාරෙට
ජේත්තුකාරකම හිත අල්ලගත්තාම
අහිංසක හිත ඇතුළේ පාට මල් පිපුණාද
ආදරේ අපි දුන්න හුළගේ පා කෙරුවාට
අත වනාපන් ඇවිත් ගේ තියෙන ඉසව්වට
මම නුඹේ අයියාය සොයුරු පෙම හිත රැඳුනු
කල වරද ඉදිරියේ දෙමි සමා නැත දරුණු
ගං දියේ හබල ලඟ ඔට්ටු වී හති වැටුණු
නුඹේ ලොව දිනුවදා වැටෙයි හිස මත ඔටුනු