හැල්මේ දුවන් මං යනකොට අපායට
බැල්ම හැමගේ හැරුනා මගේ දිහාවට
වට ඉනි පවා හිටියේ ඔරවමින් මට
බැස යන ඉරත් හෙවනැලි ඇද කලේ මට
බඩගිනි දැනී ඇස් කඳුලින් තෙමෙන කොට
රස මසවුලෙන් සැනහී අත සේදුවේ ඔළුවට
වහසි බස් කිවුවත් කටට ආ පලියට
වෙලකටවත් සිල්ලර තිබුනේ නෑ මට සදලු තල මත
මං උන්න මද වගුර සිරි යහන විය ඔවුනට
ටයි කෝට් බිම දමා මගේ ලෙයින් මන් මත් වූ
අත දිග හැර පසුම්බියක් විවර කර
සිගමන් යැද්දේ මගෙනුයි ලොකු මුදලකට
අම්බරුවන් රැලකි සුදු පැහැ සළු පෙරවූ
උකසට ගත මගේ ලෙයින් ම්න්මත්වූ
වරෙන්තු කර මාංචු කුට්ටම ඇන්දු
නිකෙලෙස් ලෙසට සබැ මද ඇසුවලු නඩු
උන්ගේ දරු සේම මගේ දරු මට වටින්නේ
රඳා වනේ තනි කෙරුවේ ස්වාමිනේ
රාග ගින්න නැති මුත් මගේ සිත් අරණේ
සිල් පදයක් නින්දි පත්තිනි මැවුනේ…



