30 C
Colombo
Sunday, May 28, 2023
spot_img

Subscribe

Date:

Share:

විකුම්සිහ තරු ලකුණ

Related Articles

විකුම්සිහ තරු ලකුණ
සදකඩ පහණ සේ සුලකළ
විකුම්සිහ ලකුණ පාදා ගනුව
විවර මනසින පවර නුවණින

කැණිය යුතු විසල් ගත් මිණිආර
අපරදිග මත අවර ගණයෙ ද
කෙටි කතාවක බීජ මෙහි වෙද
පව්කාර නැත ගල් ගසන්නට
සාක්කිය මතු සද කියාවි ද

ප්‍රබන්ධය මහ පොළොව මත තැබු
ගම්පෙරළියකි විසල් ඈදුතු
චිත්ත සන්තානයක ප්‍රේමය
විරාගයම ද රාග විය යුතු

කොට්ට උරයකි ගැසූ කණපිට
තෙරණියන් පෑ සත්ත දිවි තතු
ගුත්තිලය ගීතයකි අමයුරු
පැලැදි අභරණ නොමැත ඇය සතු

බුදු සමය පෙළ දහම මතු නොව
දර්ශනය විදු ලොවක තතු දැන
බමුණු දෘෂ්ටිය තිමිර පටලය
දුරින් දුරු කළ යුග පුරුෂ තෙම

උපන් දා සිට ගලන දිවියක
මහරු දෝතකි කරදිය ද මුසු
භවය තරණය කරන්නට පෙර
පොත් ගුලෙන් ගෙන හැදෑරිය යුතු

සදකඩ පහණ සේ සුලකළ
විකුම්සිහ ලකුණ පාදා ගනුව විවර
මනසින පවර නුවණින
කැණිය යුතු විසල් ගත් මිණිආර

2021 මැයි මස 29 වැනි දිනට යෙදෙන මාර්ටින් වික්‍රමසිංහයන් ගේ 131 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මා ලියූ කවිය .

Sudath Gamini Bandara
Sudath Gamini Bandara
Teacher at Science Collage, Hali Ela, Badulla, Sri Lanka. State Award Winning Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles