“ආදම් ඒවා”
“ආදම් ඒවා” දෙපල
බලා සිටිනවා..
රොබරෝසියා ගසක් යට
ඇපල් ගෙඩියක් අතැතිව .
වසුන්දරා
වසුන්දරා වැලපෙනවා
දුවිලි සුලඟට යනවා
හිරු අවරේ සැඟවෙනවා
මහ සයුරද රළු වෙනවා
ඔබේ ප්‍රේමයයි…
අඩ අඳුරේ ලියුවත් ලියන්නේ
ඔබේ ප්‍රේමයයි…
සඳ එළියේ ගැයුවත් ගයන්නේ
ඔබේ ප්‍රේමයයි…
සසරින් සසරේ හමුවෙමු කියලා
පැතුවේ කවුරුන්දෝ කොහි සිටදෝ
මුතු කැට වැස්සේ දුවගෙන විත් මගේ
මුව සිම්බේ කවුදෝ කවුරුන්දෝ…
සිතකින් සිතකට ලංවෙමු කියලා
පැතුවේ කවුරුන්දෝ කොහෙදිදෝ
සමුගමු කියලා සමුදෙනවිට මට
සිනාසුනේ කවුදෝ ඒ ඔබදෝ…
නැට්ටුක්කාරී
නැට්ටුක්කාරී
ගුරුත්වයෙන් මිදී
ඉදිමුද …
අපි එක මොහොතක් – ආදරයෙන්
මේ පොලව පය ගැහෙන්නට පෙර
විඳින්නට ඔය නෙතු
එපා ඉන්න දෑස් පියාගෙන
ගුරුත්වයෙන් මිදුණු මේ මොහොතේ…