

එළාරව නෑ මැරුවේ දුටුගැමුණු
පන්හිඳ ද අප ගිනි තිබ්බේ මිතුරු
රාමා ගීතා අමර මාලා …….
එකම පංතියේ බංකුවේ යාළු
හැඬුවේ හිනැහුණේ එකටමයි යාළු …….
හෙල්ලයෙන් ඇන තරුණ ගැමුණු
මැරුවේ කොහොමද මහළු රජෙකු
පිච්චුනේ මල් කැකුළු සිත් යාළු …….
ඇව්ලුනේ ගිනි ජාතියේ අඳුරු
පන්හිඳට ඇයි නොපෙනුනේ යාළු ……..
දණ නමන්නට දහස් වරක්
ගැමුණු සැදුවේ සමරු සෑයක්
වෛරයේ බිජු දවාලන්නට …….
ඔහුත් හෙළුවා කඳුළු දහසක්
පන්හිඳට ඇයි නොපෙනුණේ යාළු …….