

හනේ වාසනාවන් !!
වමනේ දානවා නේද
නිදි පැදුරෙම පියවතී
“මොකෝ උඹල ට
අමියාවක් ද ?
“නෑ….වස්තුවේ….
ඊයේ කාපු
කටු
අල ටිකවෙන්ට අති…
කෝන් ගහයට
ඉලුක මැද්දේ
මැහිතෙල් බීල ලු
ඔන්න පියවතී
කසුකුසුවක් වැලියාවේ
පොළොව හපාගෙන
දෑත් වෙලාගෙන
හැට්ටෙ ඉරාගෙන
පියවතී….
ඇස් පියාගෙන
ඉරුණු, හැට්ට අස්සේ
පොඩිකර ඉරී හතරට , පහට තිබ්බ
කඩදාසියෙ ගැට ගහපු අකුරු ටික
කසිප්පු අල්ලන් ටබාඩිය වටකරපු
OIC මහත්තයා එක්ක මං බුදියෑව
සමාවෙයන් මට මහතුන් අය්යේ…
හරකෙක් වගේහොටු පෙරාගෙන
මහතුන් ඇඩුවා .
පොළොවෙ අත්ගසාගෙන
“අනේ බුදු පියවතියෝ
ඇයි අම්මා…. මට හැන්ගුවේ…..
හෙණ ගහනවැයි ,දෙයියනේ….
ගමේ උන් වඳ ගෑනි කියපු අපට….