

ලංකාවෙි පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ ඇති බරපතළ අර්බුදය තේමා කරගෙන සිංහල සිනමාව තුළ නිර්මාණය වුණු සිනමාපට බොහෝමයක් මෑතකදී වඩාත් කතා බහට ලක් විය. එයාකාරයෙන්ම ලලිත් රත්නායක විසින් කුළුදුලේම අධ්‍යක්ෂණය කරන “විෂම භාග” සිනමාපටය තුළ කථිකා කරන්නේ ලංකාවෙි පාසල් අධ්‍යාපනය තුළ දියවී ඇති ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයකට ඇති වැදගත්කම පිළිබඳව ය. චිත්‍රපටය තුළ කථිකා කරන පළිබෝධනාශක සහ කෘෂිකර්මාන්තය ගැට ගැසුණු පිරිසිදු පානීය ජලයේ හිඟකම නිසා වකුගඩු රෝගයට ගොදුරු වී මිය යන රජරට මිනිස් ජීවිතත්, බරපතළ අර්බුදයක් වී ඇති වකුගඩු රෝගය නිසා අසරණභාවයට පත් වන කුටුමිභයක අනේක විධ ජීවන ගැටලු සිනමාපටය විසින් එළි පෙහෙළි කරති. රුවන්සිරි වැඩිමලා ය. කමලසිරි බාලයා ය. දෙදෙනාම රෑපයෙන් එක සමාන ය. නිවුන් සොයුරන් ය. වැඩිමලා රැවන්සිරි සංගීතයට, ගායනයට උපන් දක්ෂයෙකි. කමල්සිරි ගණිතයට හපනා ය. එහෙත් රැවන්සිරි ගණිතයට උනන්දු නැත. ඔහු ගණිතය එපා කර වු විෂයක් බවට පත්වන්නේ පාසලේ ගණිත ගුරැවරයා වු හේමචන්ද්‍ර සර්ගෙන් දැඩි දෝෂදර්ශන සහ ගැරහුමි නිසා ය. චිත්‍රපටයේ ප්‍රධාන කථිකාවෙි ඇරඹුම බවට පත්වන්නේ හේමචන්ද්‍ර සර් සහ රැවන්සිරිගේ මෙම ගැටුම නිසා ය. හේමචන්ද්‍ර සර්ට රැවන්සිරි සමඟ සංහිඳියාවකට පැමිණීමට නොහැකි වන්නේ ඇයි? ගැටලුව හේමචන්ද්‍ර සර්ලාගේද? එසේත් නැත්නමි මෙි අතාර්කික, ප්‍රශ්න පත්තරයට වමාරන අධ්‍යාපන ක්‍රමයේද?
“ගණන් ඉගෙන ගන්න ඕනි නෑ. උඹ සිංදු කිය කිය ම හිටපන්…”
මෙයාකාරයෙන් හේමචන්ද්‍ර සර්, රැවන්සිරිගේ සෞන්දර්යාත්මක හැකියාවන් යටපත් කරන්නට අධිපත් බලයක් ලබා දුන්නේ මෙි ගුරැ කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය නොවෙිද? රැවන්සිරිලා වගේ තව සෞන්දර්යාත්මක හැකියාවන් සහිත ළමුන් කොපමණ සංඛ්‍යාවක් ඒකාධිපති ගුරැවරැන්ගේ වහල්කමට ලක්වනවා ඇතිද? බූවල්ලකු ලෙස වෙළාගත් ගුරැවරයා ශිෂ්‍යයාගේ තාර්කික චින්තනය මොටකර දමමින් අධිපති අධයාපනයක ලක්ෂණ පෙන්නුමි කරන බව සිනමාපටය තුළින් පවසයි. හේමචන්ද්‍ර සර් වැනි අධිපතිවාදී ගුරැවරැන් සහ එවැනි ගති ලක්ෂණ සහිත ගුරැවරියන් මගේ පාසල් ජීවිතය තුළ අප්‍රමාණය දැක ඇත. තමන් උගන්වන විෂයේ වපසරිය පමණක් දැන ශිෂ්‍යයාගේ ශක්තීන් මොනාවාද? සහ ඔහු කවුද යන්න හඳුනාගන්නට තවමත් ලංකාවෙි අධ්‍යාපන ක්‍රමය සමත්ව නැත. පාසල්වල අධිපති ලෙස ක්‍රියාකරන ගණිතය, විද්‍යාව වැනි විෂයන් දෘෂ්ටිවාදමය ලෙස ළමුන් තුළ පැළ කරන්නේ ශාස්ත්‍ර අධ්‍යාපනය සහ සෞන්දර්යාත්මක අධයාපනයට ඇති වැදගත්කම සහ ශක්තිය තඹදොයිතුවකටවත් මායිමි නොකරමිනි. හේමචන්ද්‍ර සර්ලා වැන්නන් නර්තනය, සංගීතය, චිත්‍ර සහ නාට්‍ය සහ රංග කලාව වැනි ලලිතකලා විෂයන්වලට ගරහන්නේ ඔහුත් මෙි පුහු අධ්‍යාපන ක්‍රමයේම ගොදුරක් වී ඇති නිසා නොවෙිද?
චිත්‍රපටය තනිකරම සිනමා වැඩබිමකි. සිනමාලංකාරයකි. චිත්‍රපටය පුරාවටම ඇත්තේ මන්දාගාමී ස්වරෑපයකි. කැමරාව ත්‍රිපාදයක තබා අචලව වස්තුව පමණක් චලනය වන රෑප රාශියකින් චිත්‍රපටය පුරවයි. දුර රෑප , මධ්‍යම රෑප සංස්කරණය වීම හරහා රෑප භාෂාවෙන් චිත්‍රපටයේ කතාව හසුරැවයි. මිස්-වන්-ෂොටි තුළ කැමරා අධ්‍යක්ෂ පාලිත පෙරේරා දක්වන ප්‍රතිභාව ප්‍රශස්ත ය. චිත්‍රපටය 100% වාගේ පොහොසත් කරන්නේ පාලිත පෙරේරාගේ කැමරා ඇසයි. කැමරාවෙි නිශ්චලබව, රෑප පරිමාව(shot scale), රෑපයේ කාලය(The duration of the single shot), සංස්කරණයේ ස්වභාවය(The pace of editing) ආදී මනාව සමබර කරමින් චිත්‍රපටය සිනමාලංකාරයක් බවට හරවයි. චිත්‍රපටය අනවශ්‍ය වෙිගවත් ජේදන කරා නොකරයි. ප්‍රේක්ෂකයා කෙරෙහි චිත්‍රපටය දැහැන්ගත වන්නට මන්දගාමී ජේදන හේතු වී ඇත. නිරපේක්ෂ කාව්‍යාත්මක සෞන්දර්ය (sheer Poetic Aesthetic) නොමඳව රන්දයි. චිත්‍රපටයේ රතු සහ දුඹුරු පැහැයට හුරැ වර්ණ මාතිකාව චිත්‍රපටයේ ඇති පරිසරය, වියළි බව, දරිද්‍රතාවය, කටුක බව නියෝජනය කරති. චිත්‍රපටය සිනමාරෑපි බවින් බෙිරෙන වේලෙන්නට වැලක එල්ලා තිබූ සුදු කමීස දෙකකින් එකක් සුළඟට ගසාගෙන යන රූපය, රන්සිරිගේ සීයා මිය යන මොහොතෙහි බිම පෙරළී තිබුණු ඔහුගේ බුලත් තට්ටුව, අපූරු සංකේතාර්ථ රූප වේ. ලලිත රත්නායක විසින් සිනමාපටය තුළින් සමිප්‍රේෂණය කරන්නට උත්සාහ කරන පණිවුඩය සිනමාරෑපිබවින් සහ නිර්මාණශීලිව කියන්නට ගත් උත්සාහය අති සාර්ථක ය.