
එරබදු මලක පෙතියට
කඳුලක් හංගා
කොවුලා නද දෙමින් කී
මහ දුක් කන්දා
හිරිමල් යොවුන් හිත්
ගිනි මැලයක රන්දා
අවුරුදු කොහේ කොයිබද
අද අනෙ මන්දා
ලිපකට නැති ගින්දර
කුසතුල ඇවිලී
යාදින්නක වචන ඇත
මුව තුල වැතිරී
හඬනා කිරට පැටවුන්
පුඬු අග දැවටී
මීන මේෂ ගහ මග
ඇයි දැයි පැටලී
කලුවර ගලා සිත්තුල
කඩතිර අදිතී
සතුටට එලපු පාවඩ
මත කටු ඉහිරී
වසත් සිරිය මගතොට
සක්මන් කරතී
දන මුව අඳෝනා මිස
ආසිරි නොමැතී….!!!!!