
තරු දිලුනා ඈත අහසේ
කී ඒ කතා සඳට රහසේ
කඩුපුල් පෙති යටින් සතොසේ
කණා මැදිරි ගීත ලිව්වේ..
අවසන් ප්‍රේම හසුනේ
අකුරු බොඳ වී ඇයිද තිබුණේ
කඳුලේ බරට ඉරුනේ
නොලියවුන පෙම් කවිනේ…
එක්ටැම් ගෙදර මුදුනේ
චිත්‍රාව පමණමයි තැවුනේ
තෙපලූ වදන් නැත ඇසුණේ
සවන් ගොළු ගාමිණිය නුඹනේ….



