27.8 C
Colombo
Sunday, July 6, 2025
spot_img

Subscribe

Date:

Share:

කිරිඅම්මා

Related Articles

කුරු ගහේ පැණි වරකා ඉදුණම
ලොකු මදුල දෙක අරගෙන තියා
ලුණු ටිකක් ඉහගෙන කාහං
මැටි වලඳේ ලිප ළඟ ඇති කියා

පොල් අත්තේ මෝවිටි තියා
හොඳ භාවනාවක් යැයි කියා
කලබල නොවී හෙමිහිට පුරාපන්
යස රටාවක් ජීවිතේ කියා

පන්සලේ මුර දානෙ ආවම
කොහිල ගලවන්නට ගියා
කට කොනින් පෑ හිනා මතකයි
ලොකු තැනට අරිෂස් කියා

මහ වෙළේ වෙල් ආතා ගොල්ලේ
ඉපල් දර මිටි බැඳ තියා
කොබෝ නයි ඉගිලෙනු බලන්නට
හිමාලෙට කැන්දන් ගියා

හතර පෝයට බණ අහන හැටි
රේඩියෝ එක ළඟ තියා
හීනයක් සේ දිගහැරෙනවා
අනේ නුඹ දුර ගමනක් ගියා

Pushpalal Perera
Pushpalal Perera
B.A. University of Peradeniya. Diploma in Teaching, Siyane college of Education. Teacher at St. Johns National School, Panadura, Sri Lanka. Writer.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles