
මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට වැස්ස. ඒත් සමග සීතල. නමුත් සැම තැනම උණුසුම්. 171,00000 පමණ වන ශ්‍රී ලාංකික ඡන්ද දායකයින් අතරින් බොහෝ දෙනෙකුට තමා මේ උණුසුම දැනෙන්නේ. මේ දේශපාලන උණුසුමයි. මෙම උණුසුම මැදින් එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳව කෙටි විශ්ලේෂණයක් කිරීම මෙම ලිපියේ අරමුණයි.
1977 වර්ෂයේ දී, එතෙක් පැවති සමගි පෙරමුණු ආණ්ඩුව පෙරලා, අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට පත්විය. 1978 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් ලංකාවේ බල ව්‍යුහය වෙනස් කරන ලදි. එහි ප්‍රධානතම කාර්යය වූයේ, රාජ්‍ය නායකයා ලෙසින් පූර්ණ විධායක බලය ඇති ජනාධිපතිවරයෙක් පත් කිරීමයි. මෙයට පාදක වූයේ, ප්‍රංශයේ චාර්ල්ස් ඩිගෝල් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාව බවටයි සඳහන් වන්නේ. චාර්ල්ස් ඩිගෝල් ජනාධිපතිවරයා 1958 දී ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනාධිපති බලතල ලබාගැනීමේ ප්‍රධාන කරුණු වූයේ,
# රටෙහි ආර්ථිකය වේගවත් කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ බලය, තනි පුද්ගලයෙක් අතට ගැනීම,
# රටතුල දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට අවශ්‍ය වන හදිසි තීරණ ගැනීමේ බලය ජනාධීපතිවරයා අතට ගැනීම වේ.
ධර්මිෂ්ඨ සමාජයක් ලෙසින් නම් කර, ජේ.ආර්. ජයවර්ධන විසින් සකසන ලද ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ, ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියකි කිරීමට පමණයයි එවකට කියැවිණි.
මේ කරුණු අනුව, ශ්‍රී ලංකාවට විධායක ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට අවශ්‍ය හේතු සාධක වූයේ, තරුණ අසහනය හා රැකියා අර්බූධය, විදේශ ණය බර, අභ්‍යන්තර දේශපාලන කුමන්ත්‍රණ, ඉන්දීය බලපෑම මෙන්ම 1971 දී ඇති දකුණේ තරුණ අරගලය ආදිය වේ. මේ අනුව ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරණය 1982 පැවැත්විය. එයින්, ජේ.ආර්. ජයවර්ධන මහතා ට විශිෂ්ඨ ජයග්‍රණයක් හිමි විය. ඒ තුලින්, ආණ්ඩුවේ ස්ථාවරත්වය, විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කිරීම, විදේශාධාර නැවත ලබාගැනීමට හැකිවීම, කඩිනම් මහවැලි ව්‍යාපෘතිය සිදුකිරීම ආදිය කිරීමට හැකිවිය. මෙම ව්‍යවස්ථාව නිසාම උතුරේ ඇති වූ ත්‍රස්ථවාදය පරාජය කිරීමට 2009 වර්ෂයේ දී හැකි විය.
1982 ජනාධිපතිවරණය



1982 ඔක්තෝබර් මස 20වැනි දින පැවැත් වූ, ප්‍රථම ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 06 දෙනෙකු ඉදිරිපත් විය. මෙම ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා, සිරිමාවෝ බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබීම හේතුවෙන් එම පක්ෂයේ අපේක්ෂකයා වූයේ, හිටපු අමාත්‍යවරයෙකු වූ, හෙක්ටර් කොබ්බෑකඩුවයි. ලියාපදිංචි ඡන්ද දායකයින් 8,145,015 දෙනෙකු අතරින් 6,602,617ක් ඡන්දය ප්‍රකාශ කරන ලදි. ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමානය 80,470 ක් වේ. මෙම ඡන්දයේ දී ඡන්ද ප්‍රකාශ කිරීම 81.06% ක් විය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ජේ.ආර්. ජයවර්ධන ඡන්ද 3,450,811 ක් ලෙස 52.91% ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙක්ටර් කොබ්බෑකඩුව ඡන්ද 2,548,438 (39.07%)ක්, 71 පැවති කැරැල්ලෙන් පසු ජාතික දේශපාලනයට පිවිසි ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර ඡන්ද 273,428 (4.29%)ක්, සමස්ථ ලංකා දෙමළ කොන්ග්‍රසයේ කුමාර් පොන්නම්බලම් ඡන්ද 173,934 (2.67%)ක්, ලංකා සමසමාජ පක්ෂයේ කොල්වින් ආර් ද සිල්වා ඡන්ද 58,531 (0.90%)ක්, නව සම සමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර ඡන්ද 17,005 (0.26%) බැගින් ලබාගන්නා ලදි. මෙම මැතිවරණයෙන් පසු ජේ.ආර්. ජයවර්ධන, අතිගරු ජනාධිපති උතුමානන් ලෙසින් ව්‍යවහාර කෙරින.
1988 ජනාධිපතිවරණය



දෙවන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසුම 1988 දෙසැම්බර් 19 වන දින පැවැත්විය. අතිශය සංකීර්ණ දේශපාලන පසුබිමක් යටතේ මෙය පැවැත්විය. එයට හේතුව වූයේ, උතුරු නැගෙනහිර ත්‍රස්තවාදය උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක වීම, දකුණේ තරුණ කැරැල්ල දෙවන වරටත් නැගී සිටීම, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වී නොයෙකුත් ස්ථාන වල මළ කඳන් දකින්ට ලැබීම, දේශපාලන පක්ෂ අතර වියවුල් හටගැනීම, ඉංදීය රජයේ බලපෑම ක්‍රියාත්මක වීම ය. මේ සඳහා අපේක්ෂකයින් තුන් දෙනෙකු ඉදිරිපත් විය. ඒ, රණසිංහ ප්‍රේමදාස, සිරිමාවෝ බණ්ඩාරනායක, ඔසී අබේගුණසේකර යන අය වේ. ලියාපදිංචි ඡන්ද දායකයින් අතරින් 55.32% ක් පමණ මෙවර ඡන්දය ප්‍රකාශ කරන ලදි. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස ජයග්‍රහණය කළේ, ඡන්ද 2,569,199 (50.43%) ක ලබාගනිමින්ය. ප්‍රතිවාදියා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක ඡන්ද 2,286,860 (44.95%) ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්විය. ඔසී අබේගුණසේතර 4.63% ක ඡන්ද ප්‍රතිශතයක ලබාගන්නා ලදි. ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් 55.32%ක් පමණක් එවර ඡන්දය ප්‍රකාශ කර තිබිණ. ඉතිහාසයේ අඩුම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ මැතිවරණය මෙයයි. ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස නමින් ජනාධිපති හඳුන්වා දෙන ලදි.
1993 මැයි මස 01දා මැයි පෙළපාලියකදී එල්ලවුනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මිය යාමෙන්, එවක අගමැති ජී.බී. විජේතුංග මහතා ජනාධිපති ධූරයේ වැඩ බාරගනු ලැබූයේ, ප්‍රථම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙසිනි.
1994 ජනාධිපතිවරණය



ව
ර්ෂ 17ක් පැවති එක්සත් ජාතික පක්ෂයේ පාලනය බිඳ දමමින්, 1994 වර්ෂයේ දී, ලියාපදිංචි ඡන්ද දායකයින් 1,09,45,065 අතරින් ප්‍රකාශිත ඡන්ද 77,13,332 කින් පැවති ජනාධිපතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඡන්ද 47,09,205 (62.28%) ක් ලබාගනිමින් ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ජනාධිපති ලෙස පත්විය. එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රීමා දිසානායක ඡන්ද 27,15,283 (35.91%)ක් ලබා ගන්නා ලදි. ජනපති තරගයට නාම යෝජනා ලබාදුන් ගාමිණී දිසානායක 1994 ඔක්තෝබර් 24 වැනිදා තොටළඟ මැතිවරණ රැළියට එල්ල වූ එල්ටීටීඊ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය යාම හේතුවෙන්, ඔහුගේ බිරිඳ ශ්‍රීම දිසානායක ඉදිරිපත්විය. මෙම මැතිවරණය ඉතිහාසගත වන්නේ, ප්‍රථම වතාවට ප්‍රධාන පක්ෂ දෙකෙන් ම කාන්තාවන් ඉදිරිපත්වීම හා ප්‍රථම වතාවට කාන්තාවක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති වීමයි. මෙම මැතිවරණය සඳහා අපේක්ෂකයින් 06 දෙනෙකු ඉදිරිපත්විය. ප්‍රථම වතාවට ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයින් ඉදිරිපත්වූයේ මෙම මැතිවරණයේ දීයි. ස්වාධීන අපේක්ෂකයින් 02 ක් ඉදිරිපත් වුනා. එම අපේක්ෂකයින් වූයේ, ඒ.ජේ. රණසිංහ හා හඩ්සන් සමරසිංහයි.
1999 ජනාධිපතිවරණය


චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින්, තමන්ගේ ධූර කාලය ඉකුත්වීමට වසරක කාළයක් තිබිය දී, 1999 දෙසැම්බර් 21වැනි දිනට ජනාධිපතිවරණය කැඳවන ලද්දේ, එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍යයි සඳහන් කරමිනි. අපේක්ෂකයින් 13 දෙනෙකු එවර තරගයට ඉදිරිපත් විය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූයේ, රනිල් වික්‍රමසිංහයි. ජනපතිවරණයට දින 03ක් තිබියදී අවසන් මහා රැළියේ දී, බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන්, චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංගගේ ඇසකට බරපතල හානි සිදුවිය. කෙසේ නමුත් මෙම මැතිවරණයේ දී, එක්සත් ජනතා නිදහස් සංධානයේ චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංග ඡන්ද 43,12,157 (51.12%) ක් ලබගෙන ජයග්‍රහණය කරන ලදි. එක්සත ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට ලබාගතහැකි වූයේ, 36,02,748 (42.71%) ක් පමණි. ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් ඡන්දය ප්‍රකාශ කළේ, 73.31% ක ප්‍රතිශතයකි.
2005 ජනාධිපතිවරණය


චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංග සිය ධූර කාළයට වසරකට පෙර මැතිවරණය පැවැත්වූ හෙයින්, සිය දෙවන ධූර කාළයට තවත් වසරක් එක්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනුකරන ලදි. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කළේ, මැතිවරණය පැවැත්වීමට ක්‍රියා කරන ලෙස තීන්දුව ප්‍රකාශයට පත්කරමින්, පෙත්සම නිශ්ප්‍රභ කිරීමයි. අපේක්ෂකයින් 13 දෙනෙකු මෙවර ඉදිරිපත් විය. එවර, එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. මහින්ද චින්තන ප්‍රතිපත්තිය එළිදක්වා ඡන්ද 48,87,152 (50.29%) ක් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන ලදි. රනිල් වික්‍රමසිංහ ඡන්ද 47,06,366 (48.43%) ක් ලබාගන්නා ලදි. මෙම මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 73.73% ක් විය.
2010 ජනාධිපතිවරණය


හය වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා 2010 ජනවාරි 26 වැනි දින, එල්ටීටීඊ සංවිධානය පරාජයට පත්කරපත් කර අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි අවධියේ, සිය ජනාධිපති ධූරය අවසන් වීමට වසරක් ඉතිරිව තිබියදී, මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරණය පවත්වන ලදි. මෙවර අපේක්ෂකයින් 22ක් ඉදිරිපත් වූ අතර ඉදිරියෙන්ම සිටියේ, මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා දෙදෙනාය. මෙම මැතිවරණයේ දී, ඡන්ද දායකයින් 14,088,500 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර, 10,495,451 දෙනෙකු ඡන්ද ප්‍රකාශ කර තිබිණ. ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 74.50% කි. එක්සත් ජනතා නිදහස් සංධානයේ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ ඡන්ද 6,015,934 (57.88%) ක් ලබාගැනීමෙනි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සරත් ෆොන්සේකා ඡන්ද 4,173,185 (40.15%) ලබාගැනීමෙන් දෙවැනි ස්ථානයට පත්විය.
2015 ජනාධිපතිවරණය


1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකුගේ ධූර කාළය වසර 06ක් වනවා. ඒ වගේම එක් පුද්ගලයෙකුට ජනාධිපති ධූරයේ රැඳී සිටිය හැක්කේ ධූර කාළ දෙකකි. වසර වලින් 12කි. දෙවන වරටත් පත්ව සිටි මහින්ද රාජපක්ෂ ඇතුළු එක්සත් ජනතා නිදහස් සංධානය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමිකරගෙන සිටියේය. එම ආණ්ඩු කාළයේ දී 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, ජනාධිපතිවරයෙකුට ධූර යේ රැඳී සිටිය හැකි උපරිම වාර ගණන පිළිබඳ සීමාවන් ඉවත් කරන ලදි. එපමණක් නොව විධායක ජනාධිපති ධූරයේ බලතල ද වැඩිකර ගන්නා ලදි.
නැවත වරක්, සිය ධූර කාළය ඉකුත්වීමට පෙර මහින්ද රාජපක්ෂ විසින් නියමිත කාළයට පෙර ජනාධිපතිවරණය කැඳවන ලදි. එක්සත් ජනතා නිදහස් සංධානයේ මහින්ද රාජපක්ෂ හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මෛත්‍රිපාල සිරිසේන මෙවර ප්‍රධාන අපේක්ෂකයින් වුන අතර තවත් අපේක්ෂකයින් 17 දෙනෙකු ඉදිරිපත්විය. ප්‍රබල තරගයකින් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ඡන්ද 62,17,162 (51.28%) ක් ලබාගනිමින් ජයග්‍රහණය කළේ, යහපාලන ආණ්ඩුවක් ලබාදීමේ මැතිවරණ සටන් පාඨයත් සමගිනි. මහින්ද රාජපක්ෂ ඡන්ද 57,68,090 (47.58%) ක් ලබාගන්නා ලදි.
2019 ජනාධිපතිවරණය



2019 නොවැම්බර් 16 වන දින ජනපතිවරණය පවත්වන ලදි. ධූරය දරන ජනාධිපතිවරයා හෝ අග්‍රාමාතයවරයා හෝ විපක්ෂනායක වරයා නොවන අයෙකු ජනපතිවරණයට ඉදිරිපත්වූ ප්‍රථම අවස්ථාව මෙය විය. අපේක්ෂකයින් 35 දෙනෙකු මෙවර ඉදිරිපත් විය. ඒ අතරින් අපේක්ෂකයින් 15 දෙනෙකුම ස්වාධීන අපේක්ෂකයින් විය.
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළේ මෙම මැතිවරණයේ දී යි. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 83.72%ක් වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 69,24,255 (52.25%) ක් ලබාගෙන ජයග්‍රහණය කළ අතර නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස ඡන්ද 55,64,239 (41.99%) ලබාගන්නා ලදි.
ගෝඨාභය රාජපක්ෂ, සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්ද වලින් පත් වූ ජනාධිපතිවරයෙක් බව සඳහන් කරමින් දිවුරුම් දෙනු ලැබුයේ අනුරාධපුර රුවන්වැලිසෑ මළුවේදීය. කෙසේ නමුත් සිය ධූර කාළයේ තුන්වන වසරේ දී (2022), රටතුල ඇතිවූ ආර්ථික අර්බුධය හා ජන අරගලය හේතුවෙන් පලා ගොස් ඉල්ලා අස්විය. මහජනතාව විසින් නොරපා හරින ලද ශ්‍රී ලංකාවේ එකම විධායක ජනාධිපති වන්නේ, ගෝඨාභය රාජපක්ෂ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තිය ප්‍රකාරව, ගෝඨාභය රාජපක්ෂ ගේ ඉතිරි ධූර කාළය සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකදී, එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 08වන විධායක ජනාධිපතිවරයා ලෙස 2022 ජූලි 21වැනි දින වැඩි ඡන්ද ප්‍රමාණයකින් තේරී පත්විය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට අනුව, ජනාධිපති ධූරයට එසේ අනුප්‍රාප්තික වන යම් තැනැත්තෙකු, ධූරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධූර කාළයෙන් ඉතිරි කාළය තුල පමණක් ධූරය දැරිය යුත්තේය යනුවෙන් සඳහන්ව ඇත.
2024 ජනාධිපතිවරණය




ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපති තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීම, සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙම ජනාධිපතිවරණය හේතු ගණනාවක් නිසා විශේෂිත වනවා. ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් ගණනක් ඉදිරිපත් වන්නේ මෙම මැතිවරණයේ දීය. ගණන 39 කි. අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැනපත් කළ ද සරත් කුමාර නාමයෝජනා අත්සන් කිරීමට නියමිත වේලාවට සහභාගී නොවීම නිසා අවස්ථාව අහිමි විය. එක් අපේක්ෂකයෙක් පසුගියදා අභාවප්‍රාප්ත වුනා. ඒ අනුව අපේක්ෂකයින් 38 දෙනෙකු සඳහා ඡන්දය ප්‍රකාශ කළ හැකියි
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැක්කේ, පිළිගත් දේශපාලන පක්ෂයකින් ඇප මුදල් ලෙස රු. 50,000/- ක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු ඇප මුදල් රු. 75,000/- ක් තැන්පත් කිරීමෙන් පසුවය. මේ අනුව, පිළිගත් දේශපාලන පක්ෂ වලින් අපේක්ෂකයින් 22ක්, ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකු, වෙනත් දේශපාලන ලක්ෂයකින් එක් අයෙක් මෙවර තරග බිමට පැමිණ සිටිනවා. මෙම අපේක්ෂකයින් 39 ට බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු ද ඇතුලත් වන අතර, එකදු කාන්තාවක් හෝ ඇතුලත් නොවීම විශේෂත්වයකි.
පැෆරල් සංවිධානය සඳහන් කරන්නේ, ජනාධිපති අපේක්ෂකයින් 19 දෙනෙකු ,මේ වන විටත් ජනාධිපතිවරණයට අදාලව කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුනොකළ බවට අනාවරණය වි ඇති බවයි. මේ අතරින් සමහර අපේක්ෂකයින් කාර්යාලයක් හෝ ඉදිකළ බවට තොරතුරු ලැබී නැත. තම තමන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා නොමිළයේ ගුවන් කාළය ලබාදී තිබුන ද, එම අවස්ථාව ලබාගෙන ඇත්තේ 10 දෙනෙකු පමණක් බව ද එම සංවිධානය සඳහන් කර තිබේ. මේ අතර, අපේක්ෂකයින් තිදෙනෙකු සොයාගැනීමට නොහැකිවී ඇති අතර, ඔවුන් දුරකථනයට පවා ප්‍රතිචාර නොදක්වන බව ද මැතිවරණ කොමිසම සඳහන් කළා.
මෙවර මැතිවරණය සඳහා විශාල මුදලක් අවශ්‍ය වන බවයි සඳහන් වන්නේ. 2015 වර්ෂයේ දී බිලියන 2.7ක වියදම් වූ අතර 2019 දී බිලියන 4.56 ක් වියදම් කර තිබෙනවා. 2024 වර්ෂය සඳහා වියදම් ඇස්තමේන්තුව බිලියන 10කි. කෙසේ වුවත්, 2023 අංක 03 දරණ වියදම් නියාමන පනත අනුව, මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන්නේ,
# අපේක්ෂකයෙක් විසින් එක් ඡන්ද හිමියෙක් වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රු. 109/= ක් ලෙසයි.
# අපේක්ෂකයා වෙනුවෙන් පිළිගනු ලැබූ හෝ භාරගනු ලැබූ පරිත්‍යාග හෝ දායකත්ව සහ එම පරිත්‍යාග හෝ දායකත්ව දව්‍යමය වශයෙන් ලැබුණේ නම ඒවායේ ඇස්තමේන්තු වටිනාකම, එකී දායකත්ව පරිත්‍යාග කරනු ලැබුවේ ත්‍යාග, ණය මුදල්, අත්තිකාරම් හෝ තැන්පතු වශයෙන් ද යන වග සඳහන් කළ යුතුය.
එමෙන්ම, මෙම පනත අනුව මැතිවරණ වියදම් විනිවිද භාවයකින් යුක්ත ව කිරීම, අරමුදල් අවභාවිතාව වැලැක්වීම මෙන්ම, සියලුම අපේක්ෂකයන් සදහා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය භූමිකාව සැපයීම සිදුවේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ක්‍රියාවලියේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය ආරක්ෂා කිරීම පිණිස නිරීක්ෂණය කරනු ලබනවා. කොමිෂන් සභාව විසින් අපේක්ෂකයෙක්ට වියදම් කල හැකි “උපරිම මුදලක්” ඉදිරිපත් කර ඇත. එම මුදල රු. 747,319,434.40 ලෙසින් දක්වා තිබෙනවා.
අපේක්ෂකයින් විසින් නාමයෝජනා ලබාදීමෙන් පසුව තම තමන්ගේ වත්කම මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළයුතු වනවා. එමෙන්ම මැතිවරණය අවසන් ව දින 21ක් ඇතුලත තමන්ගේ වියදම් ලේඛණය ඉදිරිපත් කළ යුතුයි. මෙම වියදම් ලේඛණයේ, මුදල් ලබාදුන් අයගේ නම්, ප්‍රචාරක මාධ්‍යයන් හා මෙවලම් සඳහා වියදම් කළ මුදල් සියල්ල ඇතුලත් විය යුතුයි. ඉන්පසුව මැතිවරණ කොමිසම විසින් දින 10ක් මෙම ලේඛණ ප්‍රදර්ශනය කරනු ලබනවා. යම් කිසි අයෙකු විසින් වියදම් සම්බන්ධයෙන් ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරන්නේ නම්, මෙයින් පසු දින 11ක් ඇතුලත පෙත්සම් ඉදිරිපත් කළ යුතුයි.
මෙම නීති මෙසේ පවතිද්දී, ඉතා සාමකාමීව ආරම්භ වු ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු මේ අවසන් දින කීපය තුල ඉතා උණුසුම් තත්වයක් ගෙන තිබෙනවා. ඒ නිසාම, තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව දැනුවත් කරනවාඩ වඩා, එකිනෙකාට මඩ මඩ ගැසීම්, බොරු ප්‍රකාශ නිකුත් කිරීම ආදිය ප්‍රමුඛස්ථානය ගෙන තිබෙනවා. ඒවා, මැතිවරණ වේදිකා තුලදී සහ සමාජ ජාලා මාධ්‍ය තුල ඉතා වේගයෙන් පැතිර යනවා.
මැතිවරණයට දින 05ක් පමණ තිබිය දී, උණුසුම් තරගයේ අපේක්ෂකයින් සිව් දෙනෙක් කරළිය ඉදිරියෙන් දැකගත හැකි වනවා. එක්කෝටි 71 ලක්ෂයක් පමණ වන ඡන්ද දායකයින්ගේ අනුහසින්, 2024 වර්ෂයේ දී ජනාධිපතිවීමේ අභිප්‍රායෙන් 2019 වර්ෂයේ දී 3%ක ජනවරමක් හිමිකරගත් ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් සංවිධාන ගණනාවක් එක්ව පිහිටුවාගත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව පිහිටුවාගත් සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සංධානයයේ නායක සජිත් ප්‍රේමදාස, ස්වාධීන අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධීපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ අතරයි. ඡන්ද ප්‍රකාශ කිරීමේ දී, කතිරය (X) පමණක් දෙීම කළ හැකියි. එමෙන්ම, 1,2,3 ලෙසින් උපරිමයෙන් මනාප 03ක් සනිටුහන් කළ හැකියි. නමුත් කතිරය (X) සහ මනාප සටහන් කළහොත් එම ඡන්දය ප්‍රතික්ෂේප වනවා.
තවද, කිසිදු අපේක්ෂකයෙක්ට 50% ප්‍රතිශතය ලබාගත නොහැකි වුවහොත්, ලබාදි ඇති මනාප ගණන් කීරීමට සිදුවේ. ඒ අනුව මීළඟ ජනාධිපති කවුරුන්ද යන්න තීරණය වේ. කෙසේ වුවද සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන මැතිවරණයෙන්, 22 වැනිදා සවස් වන විට මීළඟ 09 වන විධායක ජනාධිපති කවුරුන්ද යන්න තීරණය වේවි. එක් අයෙකුගේ පැතුම් සඵල වේවි. අන් සියළු දෙනාගේම අභිප්‍රායයන්, දකින ලද සිහිනයන් සියල්ල බො දවී යනු ඇත.