
ගෙවුන කල පුරාවට
නුඹට වගෙම යි මටත්
හතරපෙර නිමිති දුටුවාට
නික්මෙන්න තිබුනේම
නෑ ඉඩක්
මහමෙරක් නොවුනට
දරාගත් බර තමයි
අත්ථකිලමතානුව
හෙව්වාට හමුනොවුන
සැනසුමක්
අමතකව නෑ නේද
පෝය හඳපානවත්
නොදුන්නෙත් අපටමයි
කිසිදාක
කණ එලියවත්
පරපුරක සෝ තැවුල්
මහපොලව වාගේම
උහුලාපූ තරමට
අම්මල වුන අපිට
තිබුනාද ගෙදර
බුදූ පදවියක්
නික්මෙන්න හිතුවටම
බැරිවුනත්
නොදන්වා ගිහින් නුඹ
නැතුව කිසී
හැලහොල්මනක්
කෝන්තර මොනවාට
නිවී සැනසෙන තැනක
පැදුරෙ මට ඉඩතියන්
අසාපන්
මතක බණ
පදයක්…..!!!



