28 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

පංසලේ දිවා සුරැකීම

Related Articles

තිප්පිලි හොද්ද අප්පල්ලේ කෙඳිරි      ගායි
අඟුණ සම්බෝලේ කට දන කොච්චි යසයි 
තිබ්බටු කොටා කොස් ඇට මී තෙලට දමයි 
ගල උඩ ලුණු මිරිස් ගුලියට ලීම      හොඳයි

සකසා කුරුනියේ හිස මත    වඩාලා
දන් ගෙයි පාත්තර අටකට    බෙදාලා
මුදුන් බතෙන් බුදු පුදටත්        පුදාලා
මිය ගිය ඥාතීනුත් වැද පිං     පතාලා

ග්‍රාම නිලධාරි කාමරේ බණ       මඩුවේ
මව්ගුණ ගීත වැඩසටහන බෝ මළුවේ 
ආරක්ෂක කුටිය පැත්තක බුදු   මැදුරේ 
කේක් , මැහුම් ,පන්තිය ඇත    ආවාසේ

දිවා සුරැකුමේ   රූ     සිරි          ගුරුතුමිය 
දෙමළ පන්තියේ ගුරු තැන පොඩි හිමි ය 
පන්සල් වත්ත අඹ මිදි පිරි      හේනක්‍ ය
වාහල්කඩ යට BOC              ශාඛා වක් ය

ඝණ්ඨා නාදේ  පලුගස්වැව           පැතිර හඬ 
වල පය ගොඩ ලන්ට අරදින           මහලු කය 
කුණු කය පවත්වන්නට බර     බෙහෙත් කන 
ලොකු හාමුදුරුවෝ වැඩ සිටියේ වෙහර ලෙන

Dewaka Pahalawatte
Dewaka Pahalawatte
BACHELOR OF FINE ARTS (BFA), University of visual Art & Performing Arts, Sri Lanka Writer, Director, Cinematographer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles