කය දරා පොල්අතු පැලේ
මන හොවා ප්‍රාසාදයේ….
කිසිත් නැති මේ තුන් යමේ
නුඹ නිසයි ජීවත් උනේ….
සුළං ගොලු රළපනාවේ
වෙහෙස ඉවුරට නොආවේ…
බිසෝ නැති රැය මුලාවේ
කුමට රජ සැප ගෙනාවේ….
කෙකිණි බිජු මෝරා
අකුණු හඩ ගුගුරා
අහස් ගැබ දෙදරා
රමණයේ ඈ සමග යෙදුනා……
පෙලෙති සුනිල දිය
බොර පැහැ කඩිති දැක..
නොමැති කල නුඹ
රැකෙති කුමර බඹසර …
නුඹම නොරැදි තැන
කුමට සෙවිලි පැල
නිමිති නොමැති කල
පිලෙහි නිවෙති සිල…..
කරමි රජකම්
පුරවැසි නොමැත් නම්
මේ ලය පැලෙත් යම්
දිනක නුඹ මට , පෙර මළොත් නම්…