24 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

මං  හැඬුවම නුඹ එක්කද

Related Articles

nImage from Internet

මං තනිවී දැන්  කොහොමද
තනිය මකන්නේ 
මං තනියෙන් උන් යහනේ 
නින්ද  නොඑන්නේ
මං  හැඬුවම නුඹ එක්කද 
කඳුළු පිහින්නේ  
මං තනියෙන් බොල් බුසලෙන් 
බැතක් මණින්නේ 

 අදුර වඩ්නවා මගෙ හිත
 නුඹම හොයනවා 
තනිකම පාලුව හොරෙහින් 
ගෙට ගාටනවා
පහණ්පැලේ කිරිවේයෝ
රටා වියනවා 
ගෙයි දොරකඩ උක් පදුරේ 
මල් පූදිනවා 

කදෝපැනියෝ  තරුත් එක්ක 
රණ්ඩු කරනවා 
ගල්කිරියාගම කන්දේ 
අඳුර  ඔතනවා
ඉහත්තෑවෙ කොරවක්කෙක් 
දුකට අඩනවා
පන් පැදුරේ රටා මැකී 
 නුඹව මැවෙනවා 

කිරිගොයමට එන දලයට  වැට මදිය
මගෙ තනියට දීපං   ඔය  හිත් පොදිය
නෙත්  මානෙක වත්  නොපිපුන කුමුදුනිය 
රිදුම් දෙවයි  මගෙ පපුවේ ඉඩ මදිය

Dewaka Pahalawatte
Dewaka Pahalawatte
BACHELOR OF FINE ARTS (BFA), University of visual Art & Performing Arts, Sri Lanka Writer, Director, Cinematographer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles