27 C
Colombo
Saturday, November 8, 2025
spot_img

Subscribe

Date:

Share:

මතක සුවඳ..

Related Articles

ඒ හීන මල් එකතුවේ..
ඔබත් හිටිය මතකයි
පන වගේ…
කඳුලට ඉඩ නැති සිනහව නිම නැති
ඒ සොඳුරු යව්වනේ…

දුකක් සැපක් වෙනසක් නැති
රැයක් දවාලක් නැති හැටි..
කිඳුරු රැගුම් මැද
නොනිමි කතා පෙළ
ඒ මතක ඔසුවක් වැනි

හැඟෙන විටදී ඒ හද බැති
මතක සුවඳ කොතරම් වටි
හදවත ඉතිරු ..
සෙනෙහස පැතීරු
ඒ මතක කවියක් වැනි

නිමක් නොවන සසරක බැඳී
දුකට කඳුල නෙතු ළඟ ඉඳි
යලිත් ඉපිද හෙට ..
නැවුම් ලොවක් වෙත
ඒ මතක ගෙන යමු අපි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles