

මූසිල මගේ පෙම්බර
තරඟ වදිනුයේ කුමකටද
ගුත්තිල ඇඳුරු සඳ
ශිල්ප දුන් ගුරු දෙවිය උත්තම
මසුරන් වලට ලොබ නැති
දුන්න සිප් අඩුවක් නැති
ශිල්ප දී අරුමැති
නුඹව මිනිසෙක් කළේ විකුමැති
ඇඳුරු මහ වියතෙකි
දඹදිව් තලය සෙලවූ
රාජ රාජ ඇමතිත්
ඔහු ළඟ දනින් වැටෙති
අසනු මැන මූසිල ප්‍රියාදර
ඉවසනුයේ ම කෙලෙසද
ඇඟිලි තුඩු පිපිරී
වැලි තලා රතු වෙනකොට
පරසතු මලින් සැරසුණු වේදිකාවේ
සුරඹුන් ඇවිත් රැඟුම් පාන වෙලාවේ
නුඹ අසරණ වුනොතින් හුදකලාවේ
එනු කෙලෙසකද කිව මැන නොව පමාවී
කමා කළ මැන දෙවියනේ ගුරු
කෙලෙස නසනුයේ එදල විසකුරු
අප දෙදෙන වේ ඔබගේ සිසු දරු
ඔහුගේ දස්කම් වේය විසිතුරු
ගුත්තිල ඇදුරුතුමනි
සමතුන් සැදුම වටිනේ
සිප් ඔටුනු හිස මත වැටෙන කොට
ගුණ දම් කෙලෙස මකුණේ