පොරෝ බර දරාගෙන
නුහුරු හුස්මක් හෙලුවේ
සනුහරේ වෙනුවෙනුයි
කියා හිත දන්නවා
දෙව් විමන හැර දැමු
ස්වර්ණමාලි දෙව් දූ
නුඹ තරම් බෝධිසත්
නෙවෙයි මට සිතෙනවා
අදින් පසු යුගයක්ත්
බිම වැටී මියෙන්නට
තෙලඹු පැටවුන් දසත
සැඟවිලා ඉන්නවා
ගහට වැඩියෙන් උසට
ථුපයන් හදන්නට
කවර නිරිදෙකු වුවත්
සුභ සිහින දකිනවා