
අහෝ….!
මනමේ කුමරුනි
කුමට මැරුවාද මා ඔබ
මැවේ ඇස් ඉදිරිපිට
තවමත් ඔබේ මළකඳ
කිරිගරුඬ පිළිමයක් සේම ය
දසවසක් වගෙ දැනේ
ඈ දැන් මෙහෙට ඇවිදින්
දරු මල්ලෙකුත් නැති එකේ
නෑ කිසිම වගතුවක් …..
මලනුවනි, මේ අසාපන්
මරණය නුඹට සැපතක්
ඈ වදක භාරියක්
ජිවිතේ මගෙ දෙබර වදයක්
ඈ එදා ….
නුඹේ අතට දුන්න නම් ඒ අසිපත
මාත් අද සැනසුමෙන්
සිටිමි වී අඩි හයක් ගැඹුරට
වියපත්ය මා දැන්
සවිය නෑ මට පෙර මෙන්
මා දිහා ඈ දැන්
බලන්නේ අමුතු ඇහැකින්
ඈ දැන් මට වඩා
රැහේ එකෙකුට මනාපයි
පිය තෙපුල් දොඩන බව
මා නොදන්නවා නොවෙයි
ඒ අසිපතම …..
ගෙන හොරෙන්
ඔහුට දී තිබුණි දෙවරක්
කවර පල ඉවසීමෙන්
දුන්නා ඇයටත් මං
නුඹට දුන් ලෙසටම කඩු පහරක් ….