

හීනයක් වගේ හිත ළගම දැවටුන
ගීතයක් වගේ දෙසවන රැව්දෙන
රූපයක් වෙලා නෙත් දෙක මත රැඳුන
මායාවක් වුනේ හිත හිරි වට්ටගෙන
තරුවක් වගේ මෝරන සඳ මඬල ළඟ
සිසිලක් වුනේ විහිදුන සඳරැස් දහර
සීතල මීදුමක් සේ කුටියක සිර කෙරුව
ක්ෂේම භුමියේ මිරිඟුව ඉඟි මැරුව
කොවුල් ගීත ගැයුනේ කාලයට නොවේ
අකලට වැහැපු වැස්සේ නෑ තෙත තිබුනේ
දොඩමළු බස් ගොළු වී හිත් මුවාවුනේ
සෙනෙහස් ගඟ වටකර මහ බැමි බැඳුනේ
පර මල් උඩ වසන්තය ඉකිබිඳින කොට
නෙලූ පලා විසි කෙරුවා මුවන් දැක
වෙහෙසට පත්ව ති ලන පෙම් පුරාවත
තිතක් වෙලා වැළපෙයි හුදකලාවක