Home Arts Cinema Who is this Slavoj Zizek ?

Who is this Slavoj Zizek ?

0

Slavoj Zizek කියන්නේ ස්ලෝවේනියාවේ උපන් දේශපාලන දාර්ශනිකයෙක් සහ සංස්කෘතික විචාරකයෙක් වේ. New Republic කියන ඇමරිකානු නව කොන්සරිවේටිට් සඟරාවේ සඳහන් කරන ආකාරයට Slavoj Zizek යනු බටහිර සිටින වඩාත් භයානක දර්ශනිකයා යි. බ්‍රිතාන්‍ය Observer පුවත්පතට අනුව ගත්කළ ඔහු නව වාමාංශයේ ගැලවුම්කාර සුපිරි තරුව වේ. කෙසේවෙතත් දැනට ලොව සිටින විචාරකයන් අතරින් ඉතා භයානක විචාරකයා ලෙස Slavoj Zizek හඳුන්වා දිය හැකියි.

තවද බ්‍රිතාන්‍ය සාහිත්‍ය න්‍යායාචාර්ය ටෙරී ඊගල්ටන් විසින් ඔහුව විස්තර කරනු ලැබුවේ මහද්වීපික යුරෝපයෙන් මතු වූ මෑතකාලීන න්‍යායාචාර්ය වරයා ලෙසයි. Zizek ලොව වසඟයට හා කීර්තියට පත්ව ඇත්තේ තර්කනයෙහි ශූරයෙකු ලෙසයි. Living in the end time යනුවෙන් 2010 දී ඔහු විසින් කෘතියක් රචනා කර ඇත. මේ කෘතිය දෙස බැලූ කළ අපට පෙනී යන්නේ ඔහු විසින් අවධානය යොමු වී ඇත්තේ සිදුවීමට ආසන්න යැයි පැතිර යන ලෝක විනාශය පිලිබඳ හැඟීම සහ ඊට යටින් දිවෙන දෘෂ්ඨිවාදී අරමුණු කරා ය. මෙහිදී ඔහු වර්තමාන ගෝලීය දේශපාලනික, ආර්ථික සහ පාරිසරික අර්බුධ ආමන්ත්‍රණය කිරීමක් සිදු කරයි. 

කෙසේවෙතත්, ඔහු සාමාන්‍ය දාර්ශනිකයෙක් නොවේ. එහෙම වෙන්නට හේතුව තමයි ඔහු යමක් සිතන ආකාරය හෝ රචනා කරන ආකාරය සාහසික විදිහේ විනෝදාත්මක ස්වරුපයක් ගන්නා බැවිනි. ඔහු විසින් කරනු ලබන දෙයක් වන්නේ දර්ශනය විනෝදජනක කිරීම පිලිබඳ ව අවධානමක් නිරන්තරයෙන්ම ගැනීමයි. විචාරයකදී Zizek ගේ එළැඹුම වියරු සහ පුපුරණ සුළු ස්වභාවයක් ගනී. ඔහු තම විලුඹ මත ඉදගෙන කරකැවෙමින් එක් නිමේෂයක් තුළ සමකාලින ජිවිතයේ දේශපාලනික අසංවේදිත්වයට පරිභව කරයි. ඊළඟ මොහොතේදී කුකුළු පැටවෙකු තමා ගිල ගනු ඇතැයි සිතන මිනිසෙකු ගැන කවට වදන් පවසයි. ඊළගට කීනු රීවිස්ගේ Speed චිත්‍රපටයේ හි ආචාරධාර්මික වීරත්වය පැහැදිලි කරයි. ව්‍යාඝ්‍රාහී දාර්ශනික පදනම අනාවරණය කරයි. ක්‍රිස්තියානියේ සිට මාක්ස්වාදය දක්වා වටිනාකම් වල ඇති විරුද්ධාභාශයේ නිරවරණයත් සමඟ තම විග්‍රහය අවසන් කරයි.

Zizek ගේ කෘතිවල එක් ලක්ෂණයක් වන්නේ ජර්මානු විඥ්ඥානවාදය (කැන්ටි / ෂේලින් හා හේගල් ) ඒකීය දාර්ශනික හා දේශපාලනික නැවත සළකා බැලීමයි. Slavoj Zizek,  Jacques Lacan ගේ අභියෝගාත්මක මානෝවිශ්ලේෂණ න්‍යායන් නැවත පිබිදවීමත් එහෙමත් නැත්නම් ප්‍රබෝධමත් කිරීමත් සිදුකළේය. ඔහුව මතභේදාත්මක ලෙස කියවා ඇත්තේ කැටිසියානු (Cartesiam) විෂය කෙරෙහි නුතනවාදී ආරම්භ කිරීම සහ ස්වයං – විනිවිදභාවය නොවේ නම් ස්වයං – ප්‍රතිබිම්බන නියෝජිතායනයේ විමුක්තිදායක විභවයන් ඉදිරියට ගෙනයන චින්තකයෙකු ලෙසය.  1997 සිට Zizek ගේ කෘති වඩාත් පැහැදිලිව දේශපාලනික වී ඇති අතර අප ජීවත් වන්නේ පශ්චාත් දෘෂ්ඨිවාදාත්මක හෝ පශ්චාත් දේශපාලන ලෝකයක යන පුළුල් සම්මුතියට එරෙහිව තරඟ කරමින්, ගෝලීයකරණයේ නව ලෝක අනුපිලිවෙල දැකගත හැකිය.       

Biography

Slavoj Zizek උපත ලැබුයේ 1949 දී ස්ලෝවේනියාවේ ලුබ්ලිජානා (Ljubljana Solvenia) හි දීය. ඔහු හැදී වැඩුණේ පැරණි යුගොස්ලාවියාවේ ස්වයං කළමණාකරණ සමාජවාදයේ සංසන්දනාත්මක සංස්කෘතික නිදහස තුළය. මෙහිදී සැළකිය යුතු ලෙස ඔහුගේ කාර්යය සඳහා Zizek කොමියුනිස්ට් නොවන බටහිර රටවල චිත්‍රපට, ජනප්‍රිය සංස්කෘතිය හා න්‍යායට නිරාවරණය විය. Zizek 1981 දී ජර්මානු අයිඩියලිස්ම් (German Idealism) පිළිබඳව ලුබ්ලිජානා (Ljubljana) ආචාර්ය උපාධිය සම්පුර්ණ කළ අතර 1981 සහ 1985 අතර ලැකාන් ගේ බෑණා වන ජැක් ඇලන්මිලර් (Jacques Alain Miller) යටතේ පැරීසියේ ඉගෙනුම ලැබීය. මෙම කාලය තුළ Zizek විසින් හේගල්, මාර්ක් සහ Kripke පිළිබඳව ලැකානුයානු කියවීමක් (A Lacanian Reading) වන දෙවන නිබන්ධනය ලිවීය.        

1980 ගණන් වල අගභාගයේ දී Zizek නැවත ස්ලෝවේනියාවට ගිය අතර එහිදී ඔහු ස්ලෝවේනියානු සතිපතා “Mladina” සඳහා පුවත්පත් තීරු ලියූ අතර ස්ලෝවේනියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ සම්බන්ධ විය. 1990 දී හතරදෙනෙකුගෙන් යුත් ස්ලෝවේනියානු ජනාධිපති ධූර අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් විය.

Zizek විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පලකළ පළමු පොත The Sublime Object of Ideology නමින් 1989 දී පල කළේය. එතැන් පටන් Zizek පොත් දුසිමකට වඩා ප්‍රකාශයට පත්කර ඇත. තවද කතා කිරීම සඳහා කාලසටහනක් ද පවත්වාගෙන ගියේය. 1997 සිට අවම වශයෙන් ගත් කල ඔහුගේ පෙර කෘතීන් වර්ග ලෙස ජනප්‍රිය සංස්කෘතිය හරහා ලැකාන් හඳුන්වාදීම / හිච්කොක් / හොලිවුඩ් (Introduction to Lacan through Popular Culture / Hitchcock / Hollywood) ලෙස පෙන්වා දිය හැකිය. Zizek ගේ වැඩකටයුතු වැඩි වැඩියෙන් යෙදෙන දේශපාලන කල්පිතයක් ගෙන ඇති අතර එය සැප්තැම්බර් II සහ ඉරාක යුද්ධයේ පොත් වලින් වලින් අවසන් විය. ඔහු 1982 – 1983 සහ 1985 – 1986 කාල වකවානුවේදී Paris VIII විශ්වවිද්‍යාලයේ බාහිර මහාචාර්යවරයෙකු ලෙස මනෝවිශ්ලේෂණ අංශයේ කටයුතු කළ අතර Cardozo Law School, Columbia, Princeton, The new School of Social Research, The University of Michigan, Ann Arbor සහ Georgetown හී දේශන පවත්වා ඇත.     

Reference

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here