24 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

ශ්‍රී ලංකාවේ වී වගාව

Related Articles

සහල් නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිෂ්පාදන වලින් එකක් වන අතර සහල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර වලින් එකකි. ශ්‍රී ලාංකිකයන් මිලියන 21.8කගේ ප්‍රධාන ආහාරය සහල් වේ. එය මිලියන 1.8ක් පමණ ගොවීන්ගේ ප්‍රධාන ජීවනෝපාය ද වේ. මුළු ශ්‍රම බලකායෙන් සියයට 30කට වැඩි ප්‍රමාණයක් සෘජුව හෝ වක්‍රව සහල් නිෂ්පාදනය හා  සම්බන්ධ වේ. ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල තෙත් බිම් බෝගයක් ලෙස මෝසම් කාල දෙකකදී/ කන්න දෙකකදී වී වගා කරයි; නමින් එම කන්න මහ සහ යල කන්නය ලෙස හඳුන්වයි (වචනාර්ථයෙන් ගත් කල, සිංහල වචනයේ මහා යන්නෙහි තේරුම විශාල වන අතර යල යනු අඩු වේ). සැප්තැම්බර් සිට මාර්තු දක්වා කාලය තුළ, “ඊසානදිග මෝසම්” වැසි සමයේදී මහ කන්නය ක්‍රියාත්මක වන අතර යල කන්නය මැයි සිට අගෝස්තු අග දක්වා කාලය තුළ, “නිරිතදිග මෝසම්” වැසි මඟින් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ වී වගාවේ මූලාරම්භය සැලකීමේදී, ක්‍රි.පූ. 161 සහ ක්‍රි.ව. 1017 අතර ප්‍රෞඩ ඉතිහාසයක් දක්වා දිවයයි. ලංකාවේ පවතින දේශගුණික තත්ත්වය සශ්‍රීක වී බෝගයක් ලබා දීමට ඉවහල් වන අතර, ඒ හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් වී වගාව ඔවුන්ගේ ජීවන මාර්ගය බවට පත් කර ගැනීමට දිරිමත් විය. මේ අනුව වී වගාව, රටේ සමාජය, සංස්කෘතිය සහ ආගමික විශ්වාසයන් ඇතුළු සුන්දර රටාවක් එක් කරමින් ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් විය. මහා පරිමාණ සහල් නිෂ්පාදනයට ජලය සැපයීම සඳහා ප්‍රමාණයෙන් ඉතා විශාල සහ විශාල සංඛ්‍යාවකින් යුත් වැව් තැනීමට තරම් එකල ලංකාවේ සිටි රාජකීය පාලක සභාව සහල් වගාවේ වැදගත්කම දුටුවෝය. තවද වර්තමානය වනවිට, එකල භාවිත කල බොහෝ මානව සහ සත්ව ශ්‍රමය තාක්‍ෂණය සමඟ ප්‍රතිස්ථාපනය කර ඇති අතර එමඟින් නිෂ්පාදන ක්‍රියාවලියට වැඩි කාර්යක්ෂමතාවයක් එක් කරයි.

1950 දී ශ්‍රී ලංකාවට අකාබනික පොහොර හඳුන්වා දුන් අතර ඊට පෙර කාබනික ප්‍රභවයන් පමණක් භාවිතා කරමින් ගොවීන් වගා කටයුතු සිදු කරන ලදී. මෙලෙස හඳුන්වා දුන් පොහොර සහනාධාර වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථය වන්නේ සහලින් ස්වයංපෝෂිත කිරීම සහ ගොවීන්ගේ අයවැය මත පවනිත බර අඩු කර ගැනීමේ අරමුණින් ඉහළ අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද භාවිතා කිරීමට ගොවීන් දිරිමත් කිරීමයි. අනෙක් අතට, කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පොහොර පුළුල් ලෙස භාවිතා කිරීම දිරිමත් කිරීම සඳහා සහනාධාර යෝජනා ක්‍රමය ආරම්භ කරන ලදී. දැනට රටට අවශ්‍ය අකාබනික පොහොරවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලැබේ.

2019 වසරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘතීම පළිබෝධනාශක භාවිතය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලදී. එලෙසම, 2021 වසරේදී මුළු රටම වහාම කාබනික ගොවිතැනට මාරු විය යුතු බවට ඔහු ප්‍රකාශ කළේය. නමුත් 2022 පෙබරවාරි වන විටත් ගොවීන්ගෙන් බහුතරයක් පවසන්නේ තමන්ට කාබනික ක්‍රම පිළිබඳ පුහුණුවක් නොලැබුණු බවයි. මෙම හදිසි නියෝග හේතුවෙන් 2021 වසරේ සහල් අස්වැන්න පහළ වැටුනු අතර, ඩොලර් බිලියන 1.2 ක හදිසි ආහාර ආධාර වැඩසටහනක්ද, ඩොලර් මිලියන 200 ක ආදායම් ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ අතර සහල් ටොන් සිය දහස් ගණනක් ආනයනය කිරීමට විශාල මුදලක්ද  වැය කිරීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය.

2021/2022 මහ කන්නය යටතේ වපුරන ලද සහල් ප්‍රමාණය හෙක්ටයාර 775,846 කි. එම කන්නයේ වැඩිම සහල් වගාව වාර්තා වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය රටේ වගා කරන ලද මුළු වී ප්‍රමාණයෙන් 15.1% (හෙක්ටයාර 116,969) කි. එලෙසම, මෙම කන්නයේ වැඩිම සාමාන්‍ය අස්වැන්නක් වන හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 3,969ක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. රටේ වැඩිම සහල් නිෂ්පාදනය 13%ක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. එලෙසම, 2021/2022 මහ කන්නයේ දී අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් රටේ සමස්ත සහල් නිෂ්පාදනය සඳහා ලබා දුන් දායකත්වය පිළිවෙළින් 11%, 9%, 6% සහ 5% ලෙස ඇස්තමේන්තු කර ඇත.

2022 යල කන්නයේ වපුරන ලද සහල් ප්‍රමාණය හෙක්ටයාර 481,669 කි. එම කන්නයේ වැඩිම සහල් ප්‍රමාණය අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය රටේ වගා කරන ලද මුළු වී ප්‍රමාණයෙන් 13% (හෙක්ටයාර 62,686) කි. මෙම කන්නයේ වැඩිම සාමාන්‍ය අස්වැන්නක් වන වන හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 4,612ක අස්වැන්න හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. රටේ ඉහළම සහල් නිෂ්පාදනය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් 15%ක් ලෙස වාර්තා විය. තවද, 2022 යල කන්නයේදී කුරුණෑගල, අනුරාධපුරය, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් රටේ සමස්ත සහල් නිෂ්පාදනය සඳහා ලබා දුන් දායකත්වය පිළිවෙළින් 11%, 11%, 9% සහ 6% ලෙස ඇස්තමේන්තු කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් මෙම වසරේ යල කන්නයේ කුඹුරු හෙක්ටයාර 570,000ක් වගා කිරීමට අපේක්ෂා කළද රජය විසින් නොමිලේ ලබා දෙන මඩ පොහොර (ත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොර) හේතුවෙන් 2023 යල කන්නයේ වගා කිරීමට අපේක්ෂිත වී ප්‍රමාණය හෙක්ටයාර් 700,000 ඉක්මවනු ඇතැයි බලධාරීහු අවධාරණය කරති. මෙවර යල කන්නයේ දී වගා කරන කුඹුරු ප්‍රමාණය මෙරට වගා කරන ලද වැඩිම කුඹුරු ප්‍රමාණය ලෙස එය වාර්තා කරනු ඇති බවටද කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම (2023) යල කන්නය, පෙර වගා කන්න තුනකට පසු සියලුම රසායනික පොහොර එකවර ලැබෙන පළමු වගා කන්නයයි. ඒ වගේම බහුතර වැව් හා ජල ගබඩා වී වගාවට අවශ්‍ය තරම් ජලයෙන් පිරී තිබීම නිසා සියලුම ගොවීන් වී වගාවට සූදානම් වූහ. එම නිසා ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා රජය විසින් හෙක්ටයාරයකට රුපියල් 20,000 ක සහනාධාරයක් ලබා දීමට සහ පොහොර මිලදී ගැනීමට හෙක්ටයාර දෙකකට රුපියල් 40,000ක් ලබා දීමට අවශ්‍ය පියවර ද ගනු ලැබීය.

2023 ප්‍රධාන වගා කන්නයේ (මහ කන්නයේ දී) දී ශ්‍රී ලංකාව මෙට්‍රික් ටොන් මිලියන 2.69 ක වී (රළු සහල්) අස්වැන්නක් අපේක්ෂා කරනු ලබන අතර, මේ වනවිට මහ බැංකු ඉතිහාසයේ දරුණුතම මුදල් අර්බුදයෙන් රට යථා තත්ත්වයට පත්වමින් පවති. එලෙසම දෙසැම්බර් දක්වා, මෙම කන්නය සඳහා ඉලක්ක කර ඇති හෙක්ටයාර 852,894 න් හෙක්ටයාර 756,538 ක් හෝ සියයට 89 ක් වී වපුරා ඇති බව ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මාසික සහල් පරිභෝජනය සැලකීමේදී, එය එක් පුද්ගලයෙකුට වසරකට කිලෝග්‍රෑම් 112.3 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, මසකට මෙට්‍රික් ටොන් 211,930 ක් ද වසරකට එම අගය මෙට්‍රික් ටොන් මිලියන 2.54 ක් ලෙස ද ඇස්තමේන්තු කර ඇත. එලෙසම 2023 වසර සඳහා සහල් අතිරික්තය මෙට්‍රික් ටොන් 160,840 ක් පමණ වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත. අනෙකුත් භෝග මෙන් නොව, සහල් අතිරික්තයක් ඇති වූ විට එය අපනයනය සඳහා බලපාන අතර අතිරික්තය මිල පහත වැටීමට ද හේතු වේ. අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ වී වගාව හුදෙක් රටේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇති බව පැහැදිලිව සඳහන් කළ හැකිය. ඇත්ත වශයෙන්ම, එය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයේ වෙන් කළ නොහැකි ප්‍රධාන අංගයක් බවට පත්ව ඇත. මීට අමතරව, රටේ සහල් ඉල්ලුම සහ ආර්ථිකය සපුරාලීම සඳහා ලංකාවේ සහල් වගාවේ දායකත්වය ඉතාමත් අගය කළ යුතුය. මේ අනුව, රටේ කෘෂිකර්මාන්තය සලකා බැලීමේදී වී වගාව ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වී වගාව තවමත් අභියෝගවලට මුහුණ දෙන බව නොරහසකි. එමනිසා, තවමත් මෙම අංශයේ අනාගතය වඩා හොඳ සහ දීප්තිමත් වනු ඇතැයි විශ්වාස කෙරේ.

මූලාශ්‍ර:-

http://www.statistics.gov.lk/Agriculture/StaticalInformation/PaddyStatistics

https://en.wikipedia.org/wiki/Rice_production_in_Sri_Lanka#:~:text=It%20cultivates%20in%20all%20districts,bigger%20and%20Yala%20means%20lesser.)

https://nexttravelsrilanka.com/paddy-cultivation-in-sri-lanka/https://www.agrimin.gov.lk/web/index.php/en/si/news-scroll/2042-10-04-2023-3s

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles