

සත්ව හිංසනය සහ අයිතිවාසිකම්
මානව අයිතීන් නැත්නම් මිනිස් අයිතිවාසිකම් යනුවෙන් බරපතල වචන
යොදාගනිමින් තමන්ගේ අයිතීන් කෙසේ හෝ දිනාගැනීමට ඒ වෙනුවෙන් අරගල
කිරීමට පුදුමාකාර උපන් හපන් ජාතියක් තමයි මිනිස්සු කියන්නේ. මිනිසුන්
යනුවෙන් හදුන්වන්නේ ද මනසින් උසස් එක්තරා සත්ව කොට්ඨාශයක්. ඉතින්
සැබැවින්ම මනුෂ්‍යන් විදිහට අපි කටයුතු කරන ආකාරය මනසින් උසස්
ගණයකට වැටෙනවද කියන කාරණයත් තරමක ප්‍රශ්නාර්ථයක්? වර්තමානය වන
විට සත්ත්ව හිංසනය මිනිස් අකටයුතුකම් අතර මුලික තැනක් ගෙන තිබෙනවා.
තමන්ට තමන් වෙනුවෙන් හඬක් නැගීමට හැකිවීම නිසා හඬක් නැඟිය නොහැකි
අසරණ සතුන් මිනිස් බිල්ලක් විය යුතුද? ඒ කරණය කොතෙක් දුරට සාධාරණද
අසාධාරණද යන කරණය පිලිබඳ තක්සේරු කර බැලීම ඔබට භාරයි.
“සත්ව හිංසනය යනුවෙන් හදුන්වන්නේ මිනිසෙකු විසින් මිනිස් නොවන
සත්වයෙකු කෙරෙහි වූ හිංසනය හා වේදනා නොසළකා හැරීමත්, එවැන්නකට
අනුබල දීමත් ය. පුළුල් ව සිතා බැලීමේදී, කිසියම් අරමුණක් සහිතව හෝ
රහිතව සතුන්ට හිංසා කිරීම, උදාහරණ වශයෙන් විනෝදයට සතුන් මැරීම” වැනි
දේ දක්වාම සත්ව හිංසනය ව්‍යාප්ත වේ (විකිපීඩියා, 2023) .
ඒ වගේම සතුන්ගේ පැවැත්ම, සතුන්ට පමණක්ම තීරණ ගත හැකි, සතුන්ම
සන්තක දෙයක් බවට ප්‍රකාශ කරන, ඔවුන්ගේ, දුක් වේදනා වළක්වා ගැනීමේ
අවශ්‍යතාව වැනි මූලික අවශ්‍යතාවන්ට, මිනිසුන්ගේ එවැනි අවශ්‍යතාවන්ට
සමානවම සැළකීම පිළිබඳව ප්‍රකාශ කරනු ලබන මතය “සත්ව අයිතිවාසිකම්”
යන්නෙන් පැහැදිලි කරයි. එනම් ඇතැම් සත්ව විශේෂයන්ට, ඔවුන්ගේ
අවශ්‍යතාවන් හා වුවමනාවන්ට ගරුකරමින් සැළකීමත්, හැගීම් දැනීම් නොමැති
වස්තූන් ලෙස සැළකීමෙන් වැළකී සිටීමත් ය (විකිපීඩියා, 2023a) .
කෙසේවෙතත් මේ වන විට අපේ රට තුළ සත්ත්ව හිංසන ක්‍රියාකාරකම් සීග්‍ර
ලෙස ඉහළ ගොස් තිබේ. දෛනිකව වුවද මහා පරිමාණයෙන් සත්ත්ව ඝාතනයන්
සිදුකෙරෙන බව අප කවුරුත් හොදින්ම දන්නා කාරණයක්. ආහාරයට විනෝදයට
මෙන්ම විවිධ ආගමික කටයුතු වෙනුවෙන් ද සතුන් ඉතා බහුලව විවිධ අයුරින්
හිංසනයන්ට ගොදුරු වෙනවා. මිනිසුන් වන අපට වගේම සතා සිවුපාවාට පවා
ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. එමෙන්ම අපි වගේම ඔවුනුත් නිදහස්
ජිවිතයක් බලාපොරොත්තු වන ජීවින් කොට්ඨාශයක්. කළ කි කුසල අකුසල
කර්මයන් මත පදනම්ව මිනිස්, තිරිසන් වගේම අපට පෙනෙන නොපෙනෙන කවර
හෝ ආත්මයක ජන්මයන් ලබා තිබුණද නිදහසේ ජිවත් වීමේ අයිතිය කියන
අයිතිවාසිකම සියලුම දෙනාට ම පොදුයි.


ජාත්‍යන්තර සත්ත්ව අයිතිවාසිකම්
ඉතිහාසය මෙන්ම වර්තමානය විපරම් කර බැලු විට පෙරදිග අපරදිග සෑම රටකම සත්ත්ව හිංසනය සහ
සත්ත්ව අයිතිවාසිකම් වලට අදාලව විවිධ අදහස් යෝජනා අණපනත් මෙන්ම විද්වත් තර්කයන් පවා
ගොඩනැගී තිබෙන බවට බොහෝ පුවත් වාර්තා ඉදිරිපත් කර තිබේ. ලොව පුරා අධිකරණවල, සත්ත්ව
හිංසනය පිළිබඳ නීතිවලට විවිධ වූ ප්‍රවේශ දක්නට ලැබේ. උදාහරණයක් වශයෙන්, සමහර නීති මඟින්
ආහාර, ඇඳුම් පැලඳුම් හෝ වෙනත් නිෂ්පාදන සඳහා සතුන් මැරීමේ ක්‍රම පාලනය කරයි. අනෙකුත් නීති මඟින්
විනෝදය, අධ්‍යාපනය, පර්යේෂණ හෝ සුරතල් සතුන් ලෙස තබා ගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත්වේ.
ඇතැම් නීතීන් සත්ත්වයන්ගේ සම්පුර්ණ නිදහස හා අයිතීන් වෙනුවෙන් ම ඉදිරිපත් කරන ලද ඒවා වේ.
සදාචාරාත්මක අයිතිවාසිකම් පිළිබඳ විවාදයට සමගාමීව, උතුරු ඇමෙරිකාවේ නීති විද්‍යාලවල, සත්ව
නීතිය පුළුල්ව උගන්වනු ලබන අතර, ස්ටීවන් එම්. වයිස් සහ ගැරී එල්. ෆ්‍රැන්චෝනී වැනි ප්‍රමුඛ නීති
විශාරදයින්, මානව නොවන සතුන් සදහා වන මූලික නෛතික අයිතිවාසිකම් සහ එයට හිතකර ලෙස
පෞරුෂත්වය පුළුල් කිරීම වෙනුවෙන් පෙනී සිටියි. පෞරුෂත්වය පිළිබඳව වන තර්කවලදී බොහෝවිට
සළකා බලන්නෙ හොමිනයිඩ් ප්‍රභේදයට අයත් සතුන්ය. 2019 නොවැම්බර් වන විට රටවල් 29ක් විසින්
හොමිනොයිඩ් අත්හදා බැලීම් තහනම් කර ඇති අතර, 2014 පටන් ක්‍රියාත්මකවන පරිදි ආජන්ටිනාව විසින්
මිනිසුන් භාරයේ සිටින ඔරන්ඔටන් සතුන්ට මූලික මානව හිමිකම් ලබාදී ඇත.
එක්සත් ජනපදයේ පළමු සත්ව ආරක්ෂණ කණ්ඩායම වන සත්ව හිංසාව වැළැක්වීමේ ඇමරිකානු සංගමය
(ASPCA) 1866 අප්‍රේල් මාසයේදී හෙන්රි බර්ග් විසින් ආරම්භ කරන ලදී. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්
විසින් ඔහුව රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට පත් කරන ලදී.
1880 දී ඉංග්‍රීසි ස්ත්‍රීවාදියෙකු වන ඇනා කිංස්ෆර්ඩ් (1846–1888) වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය
ලබාගත් පළමු ඉංග්‍රීසි කාන්තාවන් අතරට එක් වූ අතර, පැරීසියේ උපාධිය හැදෑරීමෙන් පසු, සතුන්
පිළිබඳ අත්හදා බැලීම් නොකර එය සිදුකළ එකම ශිෂ්‍යාවද විය. ඇය නිර්මාංශත්වය දිරිමත් කෙරූ The
Perfect Way in Diet (1881) ප්‍රකාශයට පත් කළ අතර එම වර්ෂයේදීම ආහාර ප්‍රතිසංස්කරණ
සංගමය ආරම්භ කළාය. සතුන් පිළිබඳ අත්හදා බැලීම්වලට ඇය විරුද්ධ වූවාය.
තවද,1999 දී එක්සත් ජනපදයේ පොදු නීතිය 106-152 ක්‍රියාත්මක කරන ලදී. මෙම නීතිය මඟින්
මූල්‍යමය වාසි ලබාගැනීමේ අරමුණින් සත්ව හිංසාව පෙන්වන වීඩියෝ නිර්මාණය කිරීම, ළඟ තබාගැනීම
හෝ විකිණීම නෛතික අපරාධයක් බවට පත් කළේය.
2005 දී, ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුව වානරයන් වෙනුවෙන් නොවන ඔවුන් යොදා කරන සියලු අත්හදා
බැලීම් තහනම් කරන ලදී.
2008 ජුනි මාසයේදී, ස්පාඤ්ඤයේ එරට පාර්ලිමේන්තු පරිසර කමිටුව විසින් චිම්පන්සියන්, බොනොබෝස්,
ගෝරිල්ලන් සහ ඔරංඋටන් සතුන්ට වෛද්‍ය අත්හදා බැලීම්වල හෝ සර්කස් වල භාවිතා නොකිරීමට අයිතිය
ලබා දෙන ලෙසට නිර්දේශ කළේ “the Great Ape Project” මගින් නිර්දේශ කළ අයිතීන් අනුව යමිනි.
2009 සිට රටවල් කිහිපයක් (බොලීවියාවෙන් ආරම්භ වී) සර්කස්වල සමහර හෝ සියලු සතුන් භාවිතා කිරීම
තහනම් කළ අතර යුරෝපයේ, ස්කැන්ඩිනේවියාවේ හා මැද පෙරදිග ප්‍රදේශවල රටවල් කිහිපයක් හා
සිංගප්පූරුව මෙය අනුගමනය කළේය.
2010 දී කැටලෝනියාවේ ප්‍රාදේශීය රජය, ස්පාඤ්ඤයේ පළමු වතාවට ගොන්පොර තහනම් කිරීමේ
යෝජනාවක් සම්මත කළේය.
2014 දී ඉන්දියාවේ ගුජරාටයේ පලිතානා නගරයේ ජෛන වන්දනා ගමනාන්තය නීත්‍යානුකූලව නිර්මාංශ වූ
ලොව පළමු නගරය බවට පත්විය. එහි මස්, මාළු සහ බිත්තර මිලදී ගැනීම සහ විකිණීම නීති විරෝධී හෝ
නීති විරෝධී කර ඇති අතර, ‘ආහාර සතුන්’ මසුන් ඇල්ලීම නීති විරෝධී කර ඇත.
මෙවැනි අන්දමින් ලෝකයේ බොහෝ රටවල් සත්ත්ව හිංසනයට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ගයන්
අනපනත් හා නීති සම්පාදනය කර තිබීම සතුන් වෙනුවන් ගෙන ඇති ඉතා වටිනාකම් වල ප්‍රතිඵලයන් වේ.


කර්මාන්ත සත්ත්ව පාලනය හරහා සිදුවන හිංසාව
මිනිසුන්, මස්, කිරි , බිත්තර, සත්ත්ව අත්හදා බැලීම් , ලොම්, දඩයම් සහ සර්කස් ඇතුලු විවිධ ආකාරවලින්
සතුන් භාවිතා කරන අතර ඒවා ගසාකමින් අයුතු ලෙස මුදල් ඉපැයීමට පෙළඹී සිටිති. යම් යම් හානිකර
නොවන සත්ව අත්හදා බැලීම් හැරුණු විට, සත්ව භාවිතයන් සියල්ල නිස්සාරයි. මිනිසුන්ට මස්, බිත්තර,
කිරි, ලොම්, දඩයම් හෝ සර්කස් අත්‍යාවශ්‍ය නොවේ (ලින්, n.d.) .
කර්මාන්ත සත්ත්ව පාලනයේදී සාමාන්‍යයෙන් සත්ත්ව ගොවිපොළවල් නිර්මාණය කරන්නේ විශාල
භූමියක කාර්මික පහසුකම් මධ්‍යයේය. මේවායේ කුඩා ඉඩ ප්‍රමාණවල සතුන් විශාල වශයෙන් ඇති කරයි.
කර්මාන්තශාලා, ගොවිපොළවල් ලෙස මේවා හඳුන්වයි. මේවායේ දැඩි කාර්මික ස්වභාවය, එදිනෙදා
ක්‍රියාපටිපාටි හා සත්ත්ව පාලන පිළිවෙත් සත්ත්ව සුභසාධනය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරයි.
සතුන් බොහෝ ප්‍රමාණයක් මධ්‍යයේ ආක්‍රමණශීලීත්වය අවම කිරීම සඳහා ඌරු පැටවුන්ගේ වෘෂණ
කෝෂ ඉවත් කර, වලිග හා දත් කපා ඉවත් කරතැයි අසන්න ලැබේ. ඇතැම් විට ගව පැටවුන්, ගව පැටවුන්
මස් කිරීමටම සෑදූ කර්මාන්තශාලාවල එයටම සෑදූ කුඩා කූඩුවල ඇති කරයි. ඒවා පැටවුන්ගේ වර්ධනය
අස්ථායී කරවන, මාංස පේශී වර්ධනය වීම වළක්වන, අඩු පිරිවැයකින් සෑදූ කුඩා කුටිවේ. මේවායේ ඇතිදැඩි
වීමෙන් සිදු වෙන්නේ පරිභෝජකයන් ප්‍රිය ආකාරයට ගව මස ළා පැහැ ගැන්වීමය.
රසායනික ද්‍රව්‍ය හා යන්ත්‍ර යොදාගෙන අශ්වයින්ගේ ඉදිරිපෙළ පාදවලට වේදනා දීමට කටයුතු
සැලැස්වීම වැනි නීති විරෝධී දේද, සතුන්ගේ සිරුරුවල නාමකරණය කිරීම වැනි ඇතැම් විට නීතියෙන් අවසර
සහිත කෲර දේ ගොවිපොළවල සිදු වෙතැයි අන්තර්ජාතික වශයෙන් වාර්තා වෙයි.
අධික ලෙස බර පැටවීම, සිරගත කිරීමෙන් අනවශ්‍ය වේදනාවක් ලබා දීම, දම්වැල් දැමීම, අතහැර දැමීම,
ආහාර හෝ ජලය අනවශ්‍ය ලෙස ප්‍රතික්ෂේප කිරීම, අපිරිසුදු හෝ පරපෝෂිත තත්ත්වයක තබා ගැනීම
හෝ පශු වෛද්‍ය ආධාර ලබා දීමට අපොහොසත් වීම ඇතුළු තහනම් කුරිරු ක්‍රියා පිළිබඳ සවිස්තර
ලැයිස්තුවක් එම පනතේ අඩංගුය. මේ අනුව වාද විවාද සහ සංවේදීභාවය අතර දෝලනය වෙමින් තවමත්
සත්ත්ව හිංසනය සිදු කෙරෙතැයි අවිහිංසාවාදිහු පෙන්වා දෙති (ජයවික්‍රම, 2022) .
මේ අනුව පෙනී යන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුලද සත්ත්ව හිංසනය බහුවල
සිදුවන අතර ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග, නීති රීති හෝ අණපනත් නොතකමින් මිනිසුන් අමානුෂික
අන්දමින් මෙම හිංසන ක්‍රියාවලියට යොමු වී ඇති බවයි. දෛනිකව පාහේ ඉතා දුර්ලභ සත්ත්ව විශේෂයන්
මෙන්ම අලි ඇතුන්, වතුකරයේ දිවියන් වැනි සතුන් අවාසනාවන්ත ලෙස මිනිසුන් අතින් මරණයට ගොදුරු වේ.
ඇත් දළ ජාවාරම් නිසා අපේ රට තුළ කොතෙකුත් වාර්තා නොවූ ඇත් මරණ සංඛ්‍යාවක් සිදුවන්නට ඇතිද?
නිදහසේ කැලෑව සමඟ මුසු වෙමින් කිසිදු හිරිහැරයකින් තොරව තම ජීවිතය ගත කරන්නට අවස්ථාව
තිබුණත් මිනිසුන්ගේ අමානුෂික ක්‍රියාකාරකම් නිසා බොහෝ වන සතුන් පිඩාවට පත්ව අකාලයේ
මරණයට පත්වේ. සත්ව හිංසන සම්බන්ධයෙන් සහ සතුන්ට සිදුවන සියලුම අකටයුතුකම් වලට
සම්පුර්ණයෙන්ම වගකිව යුත්ත වන්නේ මිනිසාය. දම්වැල් දමා කූඩු කරමින් හිරිහැර කරනවට වඩා ඔවුන්ට
ඔවුන්ගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබාදෙනවා නම් කොතරම් වටිනවද?
බොහෝ මිනිසුන් සතුන්ට හිංසා කරමින් තෘප්තියක් විනෝදාස්වාදයක් ලබනවා. ඇතැමුන් තමන්ගේ කෝපය
පිටකිරීමට පවා සතුන්ට හිංසා කරනවා. ඇතැම් රටවල සතුන්ව පණපිටින් ආහාරයට ගනිමින් විනෝදයක්
ලබනවා. සැබවින්ම අපි හිතනවට වඩා අපිට පෙනෙන දකින තරමට වඩා විශාල දුකක් වේදනාවක් මේ
සතුන් විඳිනවා. කතා කරන්න අදහස් හුවමාරු කරගන්න හැකියාවක් නොමැති වීම ම ඔවුන් ලද මහා
පාපකර්මයක්. ඉතින් එවැනි අහිංසක සතුන්ට හිරිහැර කරමින් ඔවුන්ගේ ජිවිතයට හානි කරමින් අපිත්
පාපතර ක්‍රියාවල කොටස්කරුවෙක් විය යුතුද? කෙසේවෙතත් මෙවැනි දෑ කිරීම තුළින් මිනිසුන්
බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නත් හරසුන් ප්‍රශ්නයක්. !
සත්ත්ව හිංසනය පිටු දකිමින් විවධ සංවිධාන ගොඩනගාගෙන තිබුණත්, විවිධ පුද්ගලයන් ඒ වෙනුවෙන්
පුද්ගලික මට්ටමෙන් හෝ කටයුතු සිදු කළත් එය ප්‍රමාණවත් නොවන බව මගේ අදහසයි. එවැනි
සංවිධාන හා පුද්ගලයන් ට අපි සවියක් විය යුතුයි. ඒ වෙනුවෙන් පෙළගැසිය යුතුයි. සමස්ථ සත්ත්ව
පද්ධතියේම වගකීම එක සංවිධානයකට හෝ පුද්ගලයෙකුට දෙන්නෙකුට දැරිය හැක්කක් නොවේ. මිනිස්
සංහතියම සත්ත්ව හානියට මෙන්ම ඔවුන්ගේ පැවැත්මට වගකිව යුතුවේ. වන සංරක්ෂණය සහ සත්ත්ව
අයිතීන් වෙනුවෙන් අපි අපිට හැකි උපරිමයෙන් දායක වෙමු.
මුලාශ්‍ර
ජයවික්‍රම, නුවන් මහේෂ්. (2022). සත්ත්ව හිංසනය සහ ලෝකය. Dinamina.Lk.
https://archives1.dinamina.lk/2022/04/20/විශේෂාංග/145281/සත්ත්ව-හිංසනය-සහ-ලෝකය
ලින්ඩොරිස්. (n.d.). සත්ව අයිතිවාසිකම් යනු කුමක්ද? https://si.eferrit.com/සත්ව-අයිතිවාසිකම්-යනු/
විකිපීඩියා. (2023a). සත්ව අයිතිවාසිකම්. විකිපීඩියා. https://www.wiki-data.si-
lk.nina.az/සත්වඅයිතිවාසිකම්.html විකිපීඩියා. (2023b). සත්ව හිංසනය. විකිපීඩියා. https://www.wiki-data.si- lk.nina.az/සත්වහිංසනය.html