29 C
Colombo
Sunday, July 14, 2024
spot_img

Subscribe

Date:

Share:

මහවැලි සංවර්ධන යෝජනා ව්‍යාපෘතිය

Related Articles

සංවර්ධන යෝජනා ව්‍යාපෘති රටක සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙහිදී විවිධ කලාපයන්ගේ සංවර්ධනය උදෙසා විවිධ අරමුණු ඉටුකර ගැනීමේ අරමුණින් සංවර්ධන යෝජනා ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාව ගත්විට මෙහි විවිධ කලාපවල විෂමතාවක් දක්නට ලැබේ. එනම් සමහර කලාප දියුණු තත්වයෙන් දක්නට ලැබුණ ද සමහර කලාපයන්ගේ සංවර්ධනය නොවූ තත්ත්වයක් දක්නට ලැබේ. සංවර්ධන යෝජනා ව්‍යාපෘති මඟින් විවිධ ප්‍රදේශ සංවර්ධනය කිරීම ඔස්සේ රටේ සංවර්ධනය සිදු කිරීම බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන යෝජනා ව්‍යාපෘති ක්‍රියාත්මක විය. මෙලෙස ක්‍රියාත්මක වූ දැවැන්ත බහුකාර්යය සංවර්ධන යෝජනා ‍ව්‍යාපෘතියක් ලෙස මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නම් කළ හැකිය. මෙම ව්‍යාපෘතිය විවිධ අරමුණු ඉලක්ක කරගැනීම උදෙසා ක්‍රියාත්මක විය.

මහවැලි සංවර්ධන ප්‍රදේශය ගත්විට හෝර්ටන්තැන්න ප්‍රදේශයෙන් ආරම්භ වී ත්‍රිකුණාමලය අසල වෙරළ හා එක්වන මහවැලියේ මුළු දිග කිලෝමීටර් 331 ක් වන අතර මෙම දුර ප්‍රදේශය තුළ මහවැලි ගංගාධාර ප්‍රදේශයට අයත් කරගෙන තිබෙන්නා වූ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 10 327 පමණ වේ. ශ්‍රී  ලංකාව වැනි කුඩා දූපතක සංවර්ධනය උදෙසා මෙම සංවර්ධන යෝජනා ක්‍රම අතීතයේ සිට මානව ජීවිතයේ මානුෂ්‍ය ක්‍රියාකාරකම් සැකසීමට ද මනා වූ පිටුවහලක් වී තිබේ. සංවර්ධන ක්‍රියාවලිය හා සමගාමීව සන්නිවේදන මාධ්‍යයන් ද මහඟු දායකත්වයක් ලබාදී තිබේ. එය මෙලෙස නිදසුනක් ඇසුරින් දැක්විය හැකිය. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට සමගාමී ලෙසින් 1981 වර්ෂයේ ඔක්තෝම්බර් පළමු වනදා මහවැලි ප්‍රජා ගුවන්විදුලි සේවය ආරම්භ කිරීම දැක්විය හැකිය. ප්‍රාදේශීය වශයෙන් සංවර්ධනය රටේ සංවර්ධනයට දායක වන අතර මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ඔස්සේ විවිධ ප්‍රදේශවල නිවාස ඉඩකඩම් අහිමි දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන් එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය සම්පත් සහිතව පදිංචි කරවීම සිදුවිය.

දැවැන්ත සංවර්ධන යෝජනාවක් වන මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය එම ප්‍රදේශයටත් ශ්‍රී ලංකාද්වීපයටත් ඉතාමත් වැදගත් වූ ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය තුළින් අප රටට ඇතිවූ ප්‍රතිලාභ මෙසේ දැක්විය හැකිය.

  • සත්ව ප්‍රජාව ආරක්ෂා කරගැනීම උදෙසා අභය භූමි සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස වැදගත් වෙයි.
  • නව වගා බිම් සහ පැරණි වගා බිම් සඳහා ජල සම්පාදනය.
  • විශාල ලෙස සාරවත් ඉඩම් ලෙස කෘෂිකර්මාන්තයට යොමු කිරීම.
  • ඉහළ පෝෂක ප්‍රදේශ සංරක්ෂණයට වැදගත් වීම.
  • අතිරික්ත ජලය ගබඩා කිරීම සහ ධීවර කාර්මාන්තයට භාවිතා කිරීම.
  • නව රැකියා අවස්ථා ඔස්සේ විරැකියාවට විසඳුමක් ලෙස ක්‍රියාත්මක වීම.

මහවැලි කලාපය ආශ්‍රිතව ජනතාවගේ දායකත්වය මෙන්ම සංවර්ධන ව්‍යාපෘතීන් කෙරෙහිද මනුෂ්‍ය වර්ගයා යොමු කරවා ගැනීම උදෙසා ප්‍රජා ගුවන්විදුලි එකල භාවිතා කර තිබේ. ඒ අනුව මහාඉලුප්පල්ලම, කොත්මලේ, ගිරාඳුරුකෝට්ටේ යන ප්‍රජා ගුවන්විදුලි සෘජු ලෙසින්ම මහවැලි ප්‍රජාවගේ සහභාගීත්වයෙන් යුතුව මහවැලි ජලාශ ගම්මානවල වැඩසටහන් සැලසුම් කිරීම, නිෂ්පාදනය හා ප්‍රචාරණය ආරම්භ කර තිබේ. සන්නිවේදනය රටක සංවර්ධනයට බලපාන වැදගත් මෙවලමක් ලෙස ක්‍රියා කරන අතර විවිධ ප්‍රදේශයන්හි සංවර්ධනයට ද විවිධාකාරයෙන් සන්නිවේදන මාධ්‍යයන් දායක වේ. මහවැලි ව්‍යාපාරයේ ප්‍රථම අදිරය 1970 වර්ෂයේ පෙබරවාරි 28 වන දින පොල්ගොල්ල හා බෝවතැන්න ව්‍යාපාරයෙන් ආරම්භ කළ අතර තිස් අවුරුදු සංවර්ධන යෝජනා ක්‍රමයක් වූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය 1977 ක්‍රියාත්මක කඩිනම් වැඩ පිළිවෙළ ඔස්සේ වසර හයකින් නිමකිරීම යටතේ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ මාදුරුඔය ජලාශ ඇතුළත්ව දකුණු ඉවුරු අන්තර් නිම්න ඇල සම්බන්ධ වාරිමාර්ග පද්ධතිය ඉදිකිරීම එකවර ආරම්භ විය. එමෙන්ම ගංගා නිම්න වර්ධන මණ්ඩලය ආශ්‍රිතව පැවැති උඩවලව යෝජනා ක්‍රමය 1982 වර්ෂයේ එල් කලාපය ලෙස හැඳින්වූ වැලිඔය ප්‍රදේශය 1987 මහවැලි අධිකාරිය බල ප්‍රදේශයට නතුකර සංවර්ධනය කටයුතු සිදුවිය. මහවැලි දෙවන අදිරය ඔස්සේ මොරගහකන්ද ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ 2007 වර්ෂයේ ජනවාරි 25 වන දින වන අතර වර්තමානය වන විට එහි කටයුතු සාර්ථකව නිම වී රටේ බොහෝ ප්‍රදේශවල කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ අංශයන්හි සංවර්ධනයට දායක වී තිබේ.

සටහන නුවන්ති මධුෂානි සුබසිංහ

ශ්‍රීපාලි  මණ්ඩපය

කොළඹ  විශ්වවිද්‍යාලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles