ජසින්ටා ප්‍රේමා ද නීවා ගලබඩආරච්චි. (Jacynta Prema de Nieva Galabodaarachchi) ඇය උපත ලබන්නේ 2001 ජූනි 6. ජසින්යටා යනු ස්කොට්ලන්ත කාන්තා ප්‍රිමියර් ලීග් සමාජයක් වන සෙල්ටික් සහ ඕස්ට්‍රේලියානු ජාතික වයස අවුරුදු 20න් පහළ කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩිකාවක් ලෙස ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩිකාවකි. 2017 පෙබරවාරි මාසයේදී ඇය ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායම සමඟ පුහුණු කඳවුරට සම්බන්ධවිය.
ජසින්ටාගේ පියා ශ්‍රී ලංකාවේ අයෙකි. ඇයගේ මව් පාර්ශ්වයේ ආච්චිලා සීයලා හරහා ඇයට ඉතාලි පුරවැසිභාවයද ඇත.
2018/19 වසර වලදී Perth Glory ක්රීඩා සමාජයට වෙනුවෙන්ද පාපන්දු ක්රීඩා කොට තිබෙනවා. 2019/20 ඇය එංගන්තයේ West Ham United ක්රීඩා සමාජයට ක්රීඩා කල අතර ඉන්පසු 2020/21 වසර ඉතාලියේ Napoli පාපන්දු සමාජය සමග ක්රීඩා කිරීමට වරම් හිමිකර ගෙන තිබුණා.
ජසින්ටා ස්කොට්ලන්තයේ Celtic පාපන්දු ක්රීඩා සමාජයට ක්රීඩා කරන්නේ 2021 වසරේ සිටයි. Forward ක්රීඩිකාවක් ලෙස ඇගේ දක්ෂතා පසුගියදා පැවැත්වූ Scottish Women's Football League පාපන්දු තරගාවලියේ ඇය සහභාගී වූ තරග තුල මනාවට පෙන්නුම් කර තිබුනා. අංක 8 ක්රීඩා කරන ඇය 2016/17 වසරේ W-League Champions තරගාවලියේ ජයග්රහණය කළ Melbourne City කණ්ඩායමද නියෝජනය කර තිබුනා.
West Ham United’s Maz Pacheco in action during the Barclays FA WSL match at The Chigwell Construction Stadium, London.