30.6 C
Colombo
Tuesday, January 13, 2026
spot_img

Subscribe

Date:

Share:

සුසුම්ලන හුදකලාව…..

Related Articles

බොඳ වූ නෙත් කොනින් වැටී

කොපුල් තෙමූ සීත කඳුළු

මෘදු කම්මුල් පුච්චාගෙන

හදවත බර තැබූ තරම්……

මාරුතයක කුණාටුවක

හැපී නොසැළී නොනැමුණු සිත

නෙතඟ බැලුම් පෙලක ගැලී

ඉපිද ඉපිද මියෙන තරම්……

නොඑන දිනෙක යළි හමුවන

පෙති ගිලිහෙන රතු කුසුමක

සුසුම් පෙළක රැඳි සිතුවම්

සෙනෙහෙක දුක පුරන තරම්……

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles