
බොඳ වූ නෙත් කොනින් වැටී
කොපුල් තෙමූ සීත කඳුළු
මෘදු කම්මුල් පුච්චාගෙන
හදවත බර තැබූ තරම්……
මාරුතයක කුණාටුවක
හැපී නොසැළී නොනැමුණු සිත
නෙතඟ බැලුම් පෙලක ගැලී
ඉපිද ඉපිද මියෙන තරම්……
නොඑන දිනෙක යළි හමුවන
පෙති ගිලිහෙන රතු කුසුමක
සුසුම් පෙළක රැඳි සිතුවම්
සෙනෙහෙක දුක පුරන තරම්……