
ආවමුත් අත් බැඳන් භව දුර
නොසිතුවෙමි මම නොදුටුවැයි ඔබ…
අකුණු සැරවන් රළු වදන් මැද
නිවේවිද හද දිළෙන පෙම්සිළ……….
ලඳක රුවගුණ හදවතේමය…
එවන් සිරිලිය විිරලමය ළොව..
සෙනෙහේ පුදනා සෙනෙහේ සිත් ළඟ
දේවතාවුන් වුව නමයි දෙදණම…
සන්තාප සිත අඳුරුලන විට
ලන් වෙන්න හැකි නොවෙයි පෙර ලෙස..
රිදුම් දෙන හද මැදුර විනිවිද
දකින්නට දුක වෙහෙස වෙමි මම…….