

කෑලි කඩෙන ඉර මල ළග
මහා දවාලෙත් කළුවර
කණාමැදිරි එළි නිවා
උලමත් ඇඩුව රෑ කල
අළුත් ඉර හොයාගෙන
පලාගෙන මහ පොළව
නැගිටපු මල් පොහොට්ටුත්
මැලවුනා සඳ එළියට
බිම් මලක්වත් නොපිපුණ
කළුවර පහන් කණු යට
හීතලට ගල් වෙලා
මියැදුණේ හෙට දවස
සුළඟත් හිටියා බුම්මගෙන
කිසිවක් නොදත් විලසට
දර නැති සොහොන් වල
පුළුටු ගඳ විතරක්ම විඳ විඳ
යකඩ දම්වැල් ඇතුලේ
හිර වෙච්ච මල් පොකුරු
නීති අවනීති ළඟ
සිදුරු කෙරුවේ වෙඩි උණ්ඩ
විමුක්තියේ මළ බෙරය
තාල නැතිවම වැයෙනකොට
පෝය දා බණ මඬුවල
කඳුළු තිබුණා සිල් ගත්ත
කුස පුරා බර දරා
පෙව් කිරි විෂ වෙලා
කළ නොකළ වැරදි ළග
සොහොන් කොත් ඉදිවුණා
කන්ද උඩින් ඉර ඇවිලී
පපුවල ගිනි කඳු පිපිරී
සූරිය කඳු පාමුල තව
රතු පාටට මල් පූදී