31 C
Colombo
Sunday, May 28, 2023
spot_img

Subscribe

Date:

Share:

ඇදුරිඳුනි   ඉසිඹුලන

Related Articles

සුරත   අල්ලා  අකුරු  ලියැවූ..,
දයා  කරුණා  ගුණ  මැවූ…
දැයක්   තැනුමට  ලොවක්  දිනුමට..
දිරිය නැණ  ගුණ   බල  පිදූ…

නුඹේ  දහදිය  කඳුළු
සුවඳයි පරපුරක්  තැනුමට   හෙලූ….
දිසාපාමොක්  ඇදුරුතෙම.. ,
මා  දිවිගමන  කැටයම්  කෙරූ…

වඩා  හිඳුවමි…හදේ  රඳවමි…
සදාකල්  බැති  සිත්  පිරූ….
හිස  නමා  ආචාර   කරනෙමි..
මහරු  මෙහෙවරයට   පිදූ…

නුඹ  කියාදුන්   අකුරු  අමුනමි..
සැලෙන  හදවතකින්   යුතූ…,
වෙන්වීම   ලෝ  දහම  වන  බැව්..
නුඹේ  ඉසිඹුව   මට  කියූ…

Shayamali Herath
Shayamali Herath
Shyamalie Herath Diploma in Teaching (NIE) English Teacher at Dambadeniya college, Sri Lanka.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles