සුරත අල්ලා අකුරු ලියැවූ..,
දයා කරුණා ගුණ මැවූ…
දැයක් තැනුමට ලොවක් දිනුමට..
දිරිය නැණ ගුණ බල පිදූ…
නුඹේ දහදිය කඳුළු
සුවඳයි පරපුරක් තැනුමට හෙලූ….
දිසාපාමොක් ඇදුරුතෙම.. ,
මා දිවිගමන කැටයම් කෙරූ…
වඩා හිඳුවමි…හදේ රඳවමි…
සදාකල් බැති සිත් පිරූ….
හිස නමා ආචාර කරනෙමි..
මහරු මෙහෙවරයට පිදූ…
නුඹ කියාදුන් අකුරු අමුනමි..
සැලෙන හදවතකින් යුතූ…,
වෙන්වීම ලෝ දහම වන බැව්..
නුඹේ ඉසිඹුව මට කියූ…



