25.6 C
Colombo
Friday, March 13, 2026
spot_img

Subscribe

Date:

Share:

වැස්ස

Related Articles

පාන්දර ඉඳං අද

හොඳටෝම චුරු චුරුව 

වහිනවා වහිනවා වහිනවා

දොට්ට පිළකට යන්නෙවත් කොහොමද

ගංවතුර මේ සැරේ දානවා

කොලපොතක් කපලාවත් 

ගහන්නට වෙයි නේද

වැහිපීලි උතුරලා ගලනවා

සොල්දරේ උඩත් දැං හොඳටෝම තෙමෙනවා

 

හුළං කෝඩෙට වැස්ස වහින්නෙම හරහටනෙ

පැල ගහේ කරටියත් වැනෙනවා

ගිනිකූරු ගහේ නං අතු හයිය නැහැ බයයි 

දුන්න වගේ වහලෙට ම නැමෙනවා

වියපු පොල් අතු ටිකත් 

හෙවිල්ලුවෙ නැහැ එදා

අන්න දැං ලිප දෝරේ ගලනවා

දුංකාලා ඇස් දෙකත් රිදෙනවා

 

සිමියොන්ගෙ බස් එකත් 

මයෙ හිතේ ආවේ නෑ

චීනගහ බෝක්කුව උඩින් සැඩපාර ඇති

වැහිකළුව තව තවත් පුරනවා

රතු වැස්සි තෙමිලාම සන්නියක්වත් හැදෙයි

පැටියාත් මහවෙලේ තෙමෙනවා

බකිනිගහ ලියැද්දේ කඩාඩුව කඩාගෙන

මෙලහකට කැප්පුඇළ ගලනවා

මේ සැරේ කරුමයක් ගෙවෙනවා

වැස්සන නං දිගටෝම වහිනවා…

 

පුෂ්පලාල් පෙරේරා

Pushpalal Perera
Pushpalal Perera
B.A. University of Peradeniya. Diploma in Teaching, Siyane college of Education. Teacher at St. Johns National School, Panadura, Sri Lanka. Writer.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles